අගරදගුරු හිමියන්ගෙන් විශේෂ පණිවිඩයක්!(VIDEO)

Date:

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් විසින් එය නිවේදනය කළ අතර එහිදී විශේෂයෙන් සඳහන් කර ඇත්තේ මේ වනවිට රටේ ආර්ථික අර්බුදය සහ ආණ්ඩු විරෝධී මර්දනීය ක්‍රියාපිළිවෙත පිළිබඳවය.

මානව හිමිකම් නොසලකා හරිමින් ආණ්ඩුවට එරෙහි ක්‍රියාපිළිවෙත් මර්දනය කිරීමේ ස්වභාවය දරාසිටිය නොහැකි තරමට වර්ධනය වී ඇති බවයි එම නිවේදනයෙන් අගරදගුරු හිමියන් පවසන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අසාධාරණ සහ අයුක්තිසහගත ලෙස යොදා ගනිමින් සමාජ ක්‍රියාකාරී නායකයන් සහ සාමකාමී අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් ගෙනයන දුර්දාන්ත වැඩපිළිවෙල තරයේ හෙළාදකින බවත් මේ වනවිට රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් එලෙස රඳවා තබා ගැනීම පිළිගත නොහැකි බව අගරදගුරු හිමියෝ අවධාරණය කරති.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිෂන් සභා වාර්තාවේ සියලුම වෙළුම් ජනතාවගේ දැනගැනීම සඳහා නිදහස් කරන ලෙසත් එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් උන්වහන්සේ තවදුරටත් අවධාරණය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...