*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

Maxwell, Max Well-done වීම

ග්ලේන් මැක්ස්වෙල් යනු ප්‍රහාරකයෙකි.තරග දිනවන්නෙකි.එහි සැකයක් තියා ගන්නට කිසිවක් නැත.එහෙත් ඔහු ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයේ දී Maxwell යන්න වඩාත් රහ වෙන්න Max Well-done යනුවෙන් ද කිව හැකි බව සනාත කළේය.ඔහු ඒ වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වේගවත්ම ලකුණු 200 අතරින් දෙවැන්න වාර්තා කරන්නේ,ලෝක කුසලාන තරගාවලියේ වේගවත්ම යන නාමය ද දිනා ගනිමින්ය.ඕස්ට්‍රේලියාවට හිතා ගන්නටවත් නොහැකි අන්දමේ ජයග්‍රහණයක් මැක්ස්වෙල් ගෙන එන ආකාරය අපූරුය.

ඔහු පිටියට එන්නේ ලකුණු 49 ට කඩුලු 4 ක් බිද වැටී තිබියදී ය.ඒ පැමිණ ඔහු මුහුණ දෙන පළමු පන්දුවේ දී මැක්ස්වෙල් වෙත පැවරි වගකීම දැවී නොසිටිමය.එය වඩාත් වැදගත් වූයේ ඔහු නොදැවී සිටිය යුතු වන්නේ අස්මතුල්ලාහ් ශමර්ෂායි ට කඩුලු ත්‍රිත්වයක් හිමිවීම වැළක්වීම වෙනුවෙන් එය කළ යුතු වීමෙන්ය.ඔහු මුහුණ දුන් පළමු පන්දුව ඔහුට එල්ල වී තිබූ පීඩනය නිසාම ඔහුගේ මනස්කාන්ත ඉණිමේ ඔහු මුහුණ දුන් අසීරුම පන්දුව බව මැක්ස්වෙල් ද විශ්වාස කරනවා නිසැකය.එය මැකස්වෙල් පරාජය කළ පන්දුවක්ය.ආසන්න දැවී යාමතට ඉල්ලීමක් ද පැන නැඟිණ.ඒ කඩුල්ල කෙළින් පැමිණි වේගය අඩාල කළ එම පන්දුව මැක්ස්වෙල්ගේ පයේ වැදුණ බව සිතාය.නමුත් ඇත්තටම සිද්ධ වූයේ ඔහුගේ පිත්තේ පිටත අග්‍රයේ වැදී උඩ පන්දුවක් ලෙස කඩුලු රකින්නාට අඩි කිහිපයක් ඉදිරියෙන් බිම පතිත වීමය.

ඉනික්බිති සටන දිග හැරිණි.එහෙත් මැක්ස්වෙල්ට ගමන දිගට ඇඳගෙන යන්නට හරි සහයක් නොලැබිණ.ලකුණු 91 දී කඩුලු 7 ක් වැටුණු පසුව පිටියට ආවේ නායක පැට් කමින්ස්ය.ඔහු කණ්ඩායමේ නායකත්වය යනු ප්‍රහාරයේ නායකත්වය නොවන බවත්,තමාගේ නායකත්වයේ වගකීම කණ්ඩායමේ සියලු හැකියාවන් නිසි පරිදි මුසු කොට කණ්ඩායමක් හැටියට ජයග්‍රහණය කරා ගෙන යන්නට සුදුස්සාගෙන් සුදුසු දේ ගැනීම තේරුම් ගත් මුණිවර චරිතයක් විය.ඒ ඉවසීම,දරා ගැනීම,සංයමය හයේ හතරේ පහරවලට වඩා ශ්‍රේෂ්ඨ විය.සෙමින් පෙමින් කණ්ඩායම වෙනුවෙන් ගලා ගිය පන්දු 68 ක ඔහුගේ ඉණිමට එකතු වූ ලකුණු 12 නොවන්නට,මැක්ස්වෙල් පන්දු 128 ක් වැය කර නොදැවී රැස් කළ ලකුණු 201 මෙන්ම ඔස්ට්‍රේලියාවේ කඩුලු 3 ක ජය ද නොමැති වන්නට තිබිණ.ඒ නිසා පැට් කමින්ස් ට ද මැක්ස්වෙල්ගේ බරම රැඳුණ මුවඟින් පිට කළ යුතු අරුත Weldon යන්නම ය.

මැක්ස්වෙල්ගේ ලකුණු 50 ආවේ පන්දු 51 න් ය.සියය ආවේ පන්දු 76 න් ය.දෙවන සියයට ඔහු වැය කළේ පන්දු 56 ක් ය.ඒ අතර මැද පාදයේ සිඳු වූ මස් පිඩු පෙරලීමකින් ඇති වූ වේදනාවට ද ගොඳුරු විය.පය බිම තබා සිටගෙන සිටින්නට නොහැකි වූ තරමේ ඒ වේදනාකාරි අත්දැකීම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තනි කකුලෙන් දරා ගන්නට මැක්ස්වෙල් ඉදිරිපත් වීම ගැන කියන්නට ඇති හොඳම වචනය “දේශප්‍රේමීත්වය” ය.රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම යන්න කාලයෙන් කාලයට වෘත්තීයේ ස්වභාවය අනුව ලැබෙන වරප්‍රසාද ගැන පශචාත්වෙමින් ඒවා නොලැබීම ගැන දුකෙන්,”අපේ කාලෙනම් අපි ඔච්චර සල්ලි පස්සෙ එලෙව්වෙ නැහැ” වගේ මුග්ධ කතා කීම දේශප්‍රේමය සහ රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරිම හැටියට හිතන ප්‍රේක්ෂකාගාරයට අපූරු පාඩමක්ය.එවැනි තත්ත්වයන් කෙරෙහි උපන් ආත්ම සංවේගයෙන් ගෙවීම් කපා හැරීමට ගහන හැටියට ගෙවනවා ලෙස පවසමින් වැටුප් කප්පාදු කළ යුතුය යන්න ගැන පාරම්බාන අය කුහකයි ලෙස හඳුනා ගන්නට ද මෙය අපූරු ඉණිමක්ය.

තරගය නිමා කරන්නේ 47 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවේදී ය.මුජීබ් අර් රහ්මන් එම පන්දු ඕවරය යැවීමට පන්දුව අතට ගන්න විටත් මඩේ සිට වූ ඉන්නක් මෙන් ඔහු පා දෙකෙන් එක පයකට බර දී පිතිකරු සීමාව මත සිට ගෙන සිටියේ ය.ඔහුගේ පය සෘජු නොවුණ ද,හිස සෘජුව විශ්වාසයෙන් තිබිණ.ලෝකයේ සිටින අතිදක්ෂ දකුණත් පිට දඟ පන්දු යවන්නාට භාර වූ කාර්ය වූයේ පා අස්ථාවර මැක්ස්වෙල්ව පන්දුවේ දඟ කැවීමත් සමඟ අස්ථාවර කිරීමය.නමුත් ඒ වන විට තනි පයේ බර දරා සිටි මැක්ස්වෙල්ගේ ඇස සහ සිත මුළු ඇඟේම ශක්තිය සමඟ එකට මුසු කරගෙන, මුජීබ්ගේ පන්දු ඕවරය අරඹන විටත් දිනීම ඇෆ්ගනිස්තානය පැත්තට හැරවිය හැකිව තිබූ ලකුණු පුවරුව මැක්ස්වෙල් 47 ඕවරය ඇතුළේම වෙනස් කළේය.

ලකුණු 271 ක් වූ කණ්ඩායමේ ලකුණු පූවරුවෙන් ඒ වන විට ලකුණු 179 ක් මැක්ස්වෙල් හිමි කර ගෙන උන්නේය.මුජිබ්ගේ පළමු පන්දුව පමණක් ලකුණුවලින් තොර විය.ඉතිරි පන්දු තුන සටහන් වුයේ 6,6 සහ 4 ලෙසින් ය.පස්වන පන්දුවට තරගය හමාර කරන්නට මෙන්ම ද්විත්ව ශතකය ලබන්නට ලකුණු 5 ක් අවශ්‍යය විය.ඇත්තටම එක් පන්දුවක් නොව මේ ලකුණු 5 සඳහා පන්දු දෙකක්ම විය.එහෙත් මුජීබ් වෙහෙස කරවන්නට අකමැත්තෙන් මෙන් මැක්සවෙල් ක්‍රියාත්මක විය.ප්‍රතිපලට ඩීෆ් මිඩිවිකට් කළාපයට ඉහළින් දැවන්ත ජයග්‍රාහී හයේ පහරක්ය.

මැක්ස්වෙල්ගේ මේ ඉණිම ඔස්ට්‍රේලියානුවෙක් රැස් කළ පළමු එක්දින දෙශතකය ලෙස ඉතිහාසයට එකතු වන්නේය.එසේම ලෝකයේ අංක හයේ පිතිකරුවෙක් වාර්තා කළ හොඳම ඉණිම ද මේ ලකුණු 201 ය.එසේම අටවන කඩුල්ල වෙනුවෙන් එක්දින තරගයක එකතු වූ හොඳම ලකුණු සබඳතාවය මැක්ස්වෙල් සහ කමින්ස් නමින් සටහන් වූයේ ලකුණු 202 ක් ලෙස ය.

පිටිය සිසාරා ගලා ගිය අපූරු රිවර් ස්විප්ස් පහර මෙන්ම පන්දු යවන්නාගේ හිසට ඉහළින් ඇඳී ගිය ඩ්‍රයිව් පහරවල් ද සමඟ සම්මිශ්‍ර වූ මැක්ස්වෙල්ගේ ඉණිම ක්‍රිකට් පොතේ සම්ප්‍රදාය සහ අසම්ප්‍රදායේ මික්ස් මැක්ස් ඉණිමක් ය. ශ්‍රේෂ්ඨත්වය,විශිෂ්ඨත්වය,අපූර්වත්වය සහ ප්‍රදර්ශනාත්මක බව නොඅඩුව සපිරි මැක්ස්වෙල් ගේ ඉණිම ගැන කියන්නට ඇත්තේ සියල්ල කැටි කොට නැවත නැවතත් Max Weldon යනුවෙන්මය.

මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවට අති විශිෂ්ඨ සහ තීරණාත්මක ජයකට පාර කපා දුන් ඉණිම නිසා දැන් ඕස්ට්‍රේලියාව අනිවාර්යෙන් මුල් කණ්ඩායම් හතර අතරය.අවසාන පූර්ව තරගයක ස්ථානයක හිමිකරුවෙක්ය.ඉන්දියාව,දකුණු අප්‍රිකාව සහ ඕස්ටේලියාව අයත් මේ සිව්කට්ටුවට තවත් එක් කණ්ඩායමක් පිවිසිය යුතුව ඇත.එය තීරණය වන්නේ නවසීලන්තය,පකිස්තානය සහ ඇෆ්ගිනිස්තානය අතරින්ය.
නවසීලන්තයට ඉතිරි තරගයේ ප්‍රතිවාදියා ශ්‍රී ලංකාවය.පකිස්තානයට එංගලන්තය ය.ඇෆ්ගනිස්තානයට දකුණු අප්‍රිකාවය.මේ කන්ඩායම් තුනම දිනන අතරේම සිය ලකුණු වේගය මෙන්ම ජයග්‍රහණයේ අති දැවන්ත බව ද කල්පනා කළ යුතුව ඇති හෙයින් ඔවුන් තුළ අතිවන පීඩනය ප්‍රතිවාදීන්ට වාසිදායක වන්නට ඇති ඉඩ විශාලය.

ඕස්ටේලියාව විශිෂ්ඨ කළ මැක්ස්වෙල්ගේ ඒ විශිෂ්ඨත්වය මුසු තරගයේ තතු සසඳා බලන්නට පහතින් තරගයේ ලකුණු පූවරුව සමඟ පළල් විස්තරයකට පිවිසෙන්නට මඟ ඇත.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/afghanistan-vs-australia-39th-match-1384430/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan