Monday, December 4, 2023
spot_img

Latest Posts

දසිත්මාගේ තායිලන්ත ගමන 32 න් නවතියි

තායිලන්තයේ ක්‍රියාත්මක යොනෙක්ස් සිංහ කණිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ දසිත්මා ජයතිලක අවසන් 32 දක්නා පැමිණ තායිලන්තයේ යටාවිමින් කෙට්ක්ලේයින්ග් වෙතින් පරාජයට පත් වුවාය.

ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම සිසුවියක වන දසිත්මා මෙම තරගාවලියට අවුරුදු 19 න් පහළ ක්‍රිඩිකාවක සේ ඉදිරිපත් වූ අතර ඇය 64 දෙනාගේ වටයේදී මැලේසියාවේ නුර් අයිනා මයිසාරා පරාජයට පත් කරන්නට සමත් වූවාය.ඇය නූර් සමඟ තරගයේදී වට 2 – 1 ක් ලෙස ජය ගත්තේ ලකුණු 21 – 15,19 – 21සහ 21 – 15 ලෙස ලකුණු ලබා ගනිමින්ය.යටාවිමින් සමඟ තරගයේදී දසිත්මා ලකුණු 21 – 12 සහ 21 – 04 ලෙස පරාජයට පත් වූවාය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.