මධ්‍යම රාත්‍රියේ ගැසට් අවභාවිතා කරන සුපිරි සමගම්වලට ආදායම් බදු පනවන්න – කෝප් කමිටුවෙන් නියෝග

Date:

කොළඹ LNW:නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස ‘සුපිරි ලාභ’ ලබා ගැනීම සඳහා ‘මධ්‍යම රාත්‍රියේ ගැසට්’ අවභාවිතා කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින් පැවසුවේය.

ඒ අනුව මෙම බදු අයකර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම හෝ එසේ කිරීමට නොහැකි නම් ඊට සවිස්තරාත්මක හේතු සාධක දැක්වීම, අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ප්‍රතිකර්ම යෝජනා කිරීම ද කමිටුව විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම පසුගිය මාස තුනේ සීනි ආනයනයට අදාළ අත්‍යවශ්‍ය දත්ත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් රේගු දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමත් සමඟ තත්ත්වයේ බරපතලකම පැහැදිලි වීමෙන් අනතුරුව කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මෙම බදු වැඩිකිරීමේ සැක සහිත කාලය සහ බදු වැඩි කිරීමට මොහොතකට පෙර ඇතැම් සමාගම් විසින් සීනි ආනයනය ඉහළ යාම පිළිබඳව ප්‍රශ්න කර තිබුණි.

ඊට ප්‍රතිචාර වශයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ බදු වැඩි කිරීම IMF මුලපිරීමකට සම්බන්ධ මූල්‍ය පදනම් කරගත් ආදායම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ කොටසක් බවයි.

තවද, සීනි ආනයනය හදිසියේ වැඩිවීම උත්සව කාල වකවානු හේතුවෙන් සිදුවන බව ඔවුහු අවධාරණය කර ඇත.

මෙම ප්‍රකාශයන් තහවුරු කිරීම සඳහා පෙර වසරවල විස්තීර්ණ සංසන්දනාත්මක විශ්ලේෂණයක් ලබා දෙන ලෙස කමිටුව පැමිණ සිටි නිලධාරින් හට අවධාරණය කරන ලදී.

එවැනි දැවැන්ත ආනයනවල අවශ්‍යතාවය සනාථ කරන නිශ්චිත සාක්ෂි නොමැතිව අසාමාන්‍ය ලෙස විශාල සීනි ප්‍රමාණයක් ආනයනය කරන විශේෂිත සමාගම් පිළිබඳව කමිටුව අනතුරු අඟවනු ලබා තිබේ.

සාමාන්‍යයෙන් මාසිකව සීනි මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කරන සමාගමක් බදු වැඩි කිරීමට මොහොතකට පෙර ඔක්තෝම්බර් මාසයේදී මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කළේ, බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා 200 ගුණයකින් ඉහළ යාමත් සමඟ සැලකිය යුතු ලාභයක් ලබා ගනිමිනි.

ඒ අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට අදාළ ‘මධ්‍යම රාත්‍රී ගැසට්’ භාවිතය අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙලෙස කටයුතු කිරීමට හැකිවීම තුළ බදු අනුපාත වෙනස් කිරීමට හෝ විශේෂිත සමාගම් සඳහා බදු නිදහස් කිරීම් ලබා දීමට මුදල් අමාත්‍යවරයාට නොමැති බලයක් ලබා දෙනවා බවද ඔහු පෙන්වාදෙන ලදී.

මෙම දුෂණය තත්ත්වයන් තව තවත් වර්ධනයවීම හේතුවෙන් මෙම ‘මධ්‍යම රාත්‍රී ගැසට්’ ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමින් IMF විසින් ඔවුන්ගේ විමර්ශන වාර්තාවලද කරුණු දක්වා ඇති බව කමිටුව පැවසුවේය.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, පාඨලී චම්පික රණවක, නිමල් ලන්සා, ඉසුරු දොඩංගොඩ යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...