*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මෙරට අධ්‍යාපනය ඩිජිටල් වෙනසකට ලක් කරනවා – අධ්‍යාපන ඇමති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඩිජිටල් පරිවර්තනයට අනුවර්තනය වී , මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග තුළ, අධ්‍යාපනය කටයුතු ඉදිරියට ගෙන යාමට කැපවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ඩිජිටල්කරණයට අනුවර්තනය වෙමින් සහ ඒ හා සම්බන්ධව වෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට හැකි බවයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, හුවාවි දකුණු ආසියානු නියෝජිත කාර්යාලයේ සභාපති පෑන් ජුන්ෆෙන් (Pan Junfeng) සමඟ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදීය.

මේ සඳහා සම්බන්ධවන පාර්ශ්වකරුවන් අතර තාක්‍ෂණික දැනුවත්භාවය සහ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා හුවාවි සමාගම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට උපකාර කළ හැකි ආකාරය පිළිබඳ ව මෙහි දී ඵලදායී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, මේ සඳහා දෙපාර්ශවය අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් ධාරිතා සංවර්ධනයට පියවර ගත යුතු බව ද සාකච්ඡා වී ඇත,

හුවාවි සමාගම ශ්‍රී ලංකාවට සිය විශේෂඥ සහාය සහ තාක්‍ෂණික විසඳුම් ලබා දීමට කැපවී සිටින බව පෑන් ජුන්ෆෙන් මහතා මෙහිදී පවසා ඇති අතර, මෙම වැඩසටහනේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා හුවාවි සමාගම අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට ද එකගත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී ඇත.

හුවාවි දකුණු ආසියානු නියෝජිත කාර්යාලයේ සභාපතිවරයා එහි දී වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව සඳහා දියුණු ඩිජිටල් ආර්ථික වැඩසටහනක් ස්ථාපිත කිරීම වෙනුවෙන් හුවාවි සමාගම ශ්‍රී ලංකාවට සහාය වීමට කැපවී සිටින බව ද, නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් තුළින් බොහෝ සංවර්ධන වැඩසටහන්වල පවත්නා ඩිජිටල් දුරස්ථභාවය අවම කිරීමටත්, මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම මගින් ආර්ථික වර්ධනයට දායක වීමටත් අවස්ථාව ලැබීම සතුටක් බවයි.

එමෙන් ම, මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් තොරතුරු සාකච්ඡා කර් ඇති අතර, එම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී ඩිජිටල් තාක්ෂණයේ තීරණාත්මක කාර්යභාරය ද අවධාරණය කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan