තැපෑල ගැන ගත් හදිසි තීරණය!

Date:

කොළඹ LNW: තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

එම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා තැපෑල පැය 48ක සංකේතාත්මක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ආණ්ඩුව විසින් නුවරඑලියෂ නුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

පුරාවිද්‍යා වටිනාකම් සහිත මෙම ගොඩනැගිලි නැරඹීමට සංචාරකයින් පවා පැමිණෙන අතර ආණ්ඩුවේ මෙම තීරණය නැවත හරවන්නේ නැත්නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වාම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමුවන බවයි බණ්ඩාර මහතා පැවසුවේ.

මේ අතර ආණ්ඩුව විසින් කොළඹ මහ තැපැල් කාර්යාලය විකිණීමට ද පිඹුරුපත් සකස් කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...