රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):
මෙවර මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරින් 90,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 3200 ක් ද ඒඅතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වෙන අතර, මැතිවරණ කාලය තුළ රාජ්‍ය ස්ථාන ආරක්ෂාව සඳහා පමණක් හමුදා නිලධාරින් 11,000ක් යොදවා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.