සටහන – රුවන් නෙළුගොල්ල
පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය අනුව එහි සභාපතිවරයාගේ සහ උපසභාපතිවරයාගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.
ඒ අනුව කොළඹ තන්ත්‍රීගේ නිශාන්ත පෙරේරා සභාපතිවරයා ලෙසත්, වාගොඩ පතිරගේ සුමිත් චන්දන උප සභාපතිවරයා ලෙසත් නම් කරමින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මන්ත්‍රී ධුර 15ක් ලබාගනිමින් ජයග්‍රහණය කළේ ජාතික ජන බලවේගයයි.