පකිස්ථානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් 24 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නිරිතදිග පකිස්ථානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයේ බෝම්බයක් පිපිරීයාම හේතුවෙන් අවම වශයෙන් 24 දෙනෙකු මියගොස් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මරණ සංඛ්‍යාව ඉඅහල යා හැකි බව එරට සෞඛ්‍ය අංශයන් නිවේදනය කර ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත.

වරායක් සහ රන් හා තඹ ආකරයක් වැනි චීනය විසින් මෙහෙයවන ප්‍රධාන ව්‍යාපෘතිවල නිවහන වූ සම්පත්වලින් පොහොසත් නිරිතදිග පකිස්තානයේ දකුණේ බෙදුම්වාදී වාර්ගික සටන්කාමීන්ගේ සහ එහි වයඹ දෙසින් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්‍රහාරවල වැඩිවීමක් මේවන විට දක්නට ලැබෙන අතර බෙදුම්වාදී සටන්කාමීන් පොලිස් ස්ථාන, දුම්රිය මාර්ග සහ මහාමාර්ගවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු බලුකිස්තාන් පළාතේ මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 73 දෙනෙකු මිය ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...