ලංකාව අපේක්ෂා කළ දේශපාලන වෙනස අපෙන් – දිලිත්

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):

සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ අද (09) පෙරවරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් ජනහමුව අමතමින්, ශ්‍රී ලංකාව අපේක්ෂා කළ දේශපාලන වෙනස සිදුකිරීම සඳහා ජනතාවට අවශ්‍ය තෝරාගැනීම කිරීමට සර්වජන බලය අවස්ථාව උදාකර දී ඇති බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම ජන රැළි මාලාව සංවිධානය කර ඇත.

දිලිත් ජයවීර මහතා වඩිදුරටත් අදහස් දක්වමින්,

“මේ අවස්ථාව මෙසේ උදාවීමට අපි අරගෙන තියෙන්නේ අවුරුද්දකට අඩු කාලයක්. අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට අපි ග්‍රාමසේවක කෙනෙක්වත් දන්නේ නෑ. අද අපට පුළුවන් විශාල කඳවුරක්, පැතිරීගිය ජාලයක් එක්ක කටයුතු කරන්න”.   අපි දිස්ත්‍රික්ක 22න්ම තරග කරනවා. හොඳ ලැයිස්තු හැම තැනකින්ම දාලා තියෙනවා. ශ්‍රී ලංකාව අපේක්ෂා කරපු දේශපාලන වෙනස සිදුකරන්න ඔබට සැබෑ අවස්ථාවක් ලබාදෙමින් කටයුතු කරලා තියෙනවා.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...