*
Wednesday, November 13, 2024
spot_img

Latest Posts

කකුලෙන් අදින දේශපාලනයට තිත තියන්න ඕනේ.එවැනි දේශපාලනයකින් රටක් හදන්න බැහැ!

කොළඹ LNW:”පාලනය නිල් ද කොළ ද රතු ද අදාළ නෑ. මේ විදිහට රට කරගෙන ගියොත් අවුරුද්දක්, උපරිම එකහාමාරක් යන තැන නැවත ගෑස් සිලින්ඩරය නියෝජනය කරන අපේ කණ්ඩායමට මේ රට භාරගන්න සිද්ධ වෙනවා” යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයටනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පැවති මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමිනි.

වත්මන් ආණ්ඩුව බලය ලබා ගැනීම වෙනුවෙන් විවිධ බොරු මතවාද ප්‍රචාරය කළ අතර එකම බොරුව හත්පාරක් ඔලුවට වැටෙනවිට මිනිස්සු ඒක විශ්වාස කළා බවයි ඔහු සඳහන් කළේ.

”ආණ්ඩුවක් පත්වූ දවසේ ඉඳලා කකුලෙන් අදින සම්ප්‍රදායික දේශපාලනයට අපි තිත තියන්න අවශ්‍යයි . ඒ දේශපාලනය එක්ක කවදාවත් රටක් හදන්න බෑ . ඒ වගේම තමයි වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල මේ ආකාරයට නම් දිගටම යන්නේ අවුරුද්දක් එකහාමාරක් යන තැන යළිත් අර්බුදයට යනවා. ඔබ දන්නවා ඇති පසුගිය දිනවල ජාත්‍යන්තර සමුළු 2ක් තිබුණා. එකක් පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව. අනෙක බ්‍රික්ස් සමුළුව. බ්‍රික්ස් සමුළුවේ රටවල ඒකාබද්ධ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 26ක්. ජනගහනය බිලියන 3.2ක් ඉන්නවා. එතරම් වැදගත් සමුළු දෙකකට ආරාධනා ලැබුණත් අපේ රාජ්‍ය නායකයා යන්නේ නෑ. මේ විදේශ සබඳතා පළුදු කරගෙන අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද? අනුර දිසානායක කියන්නේ මීට මාස දෙකකට පෙර නිකං විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. නමුත් ඔහු අද මේ රටේ ජනාධිපති. මිලියන 22ක ජනතාවගේ නායකයා. නමුත් ඔහු ජනතාව නියෝජනය කර ඒ සමුළු සඳහා නොගිහින් නිලධාරීන් පිරිසක් යවලා. රට පාලනය කරන්නේ මෙහෙමද ?ඉදිරියටත් කටයුතු කරන්නේ මේ ආකාරයටම නම් වැඩි දුරක් යන්න ලැබෙන්නේ නෑ .

ඔවුන් බලය ගැනීම වෙනුවෙන් විවිධ බොරු මතවාද හැදුවා. එකම බොරුව හත්පාරක් ඔලුවට වැටෙනකොට මිනිස්සු ඒක විශ්වාස කළා. තෙල් ලීටරයකින් කංචන ඇමතිතුමාගේ සාක්කුවට රුපියල් 120ක් යනවා කිව්වා. කවුරු හරි තෙල් ලීටරය රුපියල් 180 ට ගන්න අනුර දිසානායකට ජන්දය දුන්නා නම් ඔහුට ඒ මිලට අද තෙල් ලැබෙනවද? ඒ වගේම අපේ ඇමතිලා බිත්තරයෙන් පවා කොමිස් ගහනවා කියලයි කිව්වේ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. නිලන්ති කොට්ටච්චි කියන මාලිමාවේ ක්‍රියාකාරිනිය හරි ලස්සනට කිව්වා, උගන්ඩාවේ අපේ ඩොලර් හංගලා තියෙනවා. ඒවා අපිට ගන්න ඕන නැද්ද කියලා. ඒවා ගන්න ඕන කිව්වා. නමුත් දැන් ටිල්වින් සිල්වා කියනවා එයාලා එහෙම කතාවක් කිව්වේ නෑ කියලා. අපේ ඔළුගෙඩි වෙනස් කලේ ඔහොමයි.

එනිසා අපේ මහනුවර තරුණ ඔබ අමතන මේ මොහොතේ වැදගත් කාරණයක් කිව යුතුයි. පාලනය නිල් ද කොළ ද රතු ද අදාළ නෑ. මේ විදිහට රට කරගෙන ගියොත් අවුරුද්දක්, උපරිම එකහාමාරක් යන තැන නැවත ගෑස් සිලින්ඩරය නියෝජනය කරන අපේ කණ්ඩායමට මේ රට භාරගන්න සිද්ධ වෙනවා . අපි නොවැම්බර් 14 ට පස්සේ ආණ්ඩුව උස්සන පිරිස නෙවෙයි. රට වැටෙනකොට භාරගන්න කණ්ඩායමයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan