ඉදිරි දස වසර තුළ සමාජ සුබසාධනය සහ ශාසනික උනන්තිය වෙනුවෙන් කැපවෙනවා – දියවඩන නිලමේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගතවූ විසි වසර තුළ කුමන අභියෝග පැමිණියත් ඒවාට මුහුණ දෙමින් නිසි කළමනාකාරීත්වයක් පවත්වාගෙන යාම හේතුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව මේ තත්වය දක්වා ඉහළට රැගෙන ඒමට තමන්ට හැකිවුණු බව දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

“මම දළදා මාලිගාවට 2005දී එද්දී – කාටවත් දෝෂාරෝපණයක් කරනවා නෙවෙයි – දළදා මාලිගාව සතුව අවම වශයෙන් ඡායාරූපයක් ගන්න අවශ්‍ය නිශ්චල කැමරාවක්වත් තිබුණෙ නෑ. ඒ වගේම මාලිගාවේ වෙබ් අඩවිය පෞද්ගලික අංශය සතුව තිබුණේ. අභියෝග මොනවා තිබුණත් අපිට ලැබුණු හැම ඉඩකඩකින්ම අපි ලබාගත් මූල්‍ය ප්‍රතිපාදන සහ කළමනාකරණය තුළ අපි දැවැන්ත මට්ටමකට ගේන්න පුළුවන් වුණා. 2024 මැයි මාසය වනවිට අපේ ඉලක්කය රුපියල් බිලියනයකට ගේන්න පුළුවන් වුණා දළදා මාලිගාවට. ඒ වගේ දේවල් කරන්න පුළුවන් වුණේ අභියෝග හමුවේ ඒ කළමනාකරණය කරපු නිසායි. දැන් මං හිතන්නෙ ඉදිරි දස වසර තුළ මා අදහස් කළ ව්‍යාපෘති, විශේෂයෙන්ම සමාජ සුබසාධනය වගේම ශාසනික උන්නතිය වෙනුවෙන් ඒ කටයුතු ඉදිරියේදී මනාව සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

ඡන්ද ප්‍රතිඵලය කියනකොට විනාඩි දෙකකට වැහැපු විදිය – ඕගොල්ලොත් තෙමෙන්න ඇති – ඒ මල් වැස්සම මට ආශිර්වාදයක් වුණා. දළදා හාමුදුරුවන්ගෙ පිහිට මට ලැබුණා. ඒ ආශිර්වාදයම මට ලොකු රුකුලක් කියන එක හැමෝටම දැනෙන්න ඇති, මගෙ හිතට දැනුනා දළදා හාමුදුරුවෝ මට ආශිර්වාද කළා කියලා”

ප්‍රදීප් නිලංග දෑළ මහතා මේ බව පැවසුවේ තුන්වැනි වතාවටත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරේ වැඩභාරගෙන, මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඊයේ (08) පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...