පොඩ්ඩන්ගේ පොඩිකමම ලොකු වෙන්න හරස් විය

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW:

මධ්‍යම ආසියානු අවුරුදු 19 න් පහළ කාන්තා වොලිබෝල් සූරතාවය දිනා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතුව තිබුණ සිහිනය ඊයේ නිමා විය.පළමු හමුවීමේදි වට 3-0 ක් ලෙස කිර්ගිස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයේදී අපේක්ෂා නොකළ අන්දමෙන් කිර්ගිස්තානය හමුවේ වට 3-0 න් පරාජය විය.නේපාලයට පරාජය වූ අවස්ථාවේ මෙන්ම මේ තරගය ජය ගන්නට තිබුණ අවස්ථා බතා අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ වරදින්ම ශ්‍රී ලංකාවට අහිමි වීම තුළ පීඩනය ශ්‍රී ලංකාව කෙරෙහිම ඇති විය.

ඉන් ගොඩ ඒම වෙනුවට ඒ තුළ වැඩි වැඩියෙන් පැටලී අවුලට යාම නිසා ශ්‍රී ලංකාව පරාජයේ පරිමාව වැඩි වැඩියෙන් පුළුල් කර ගැනීම කණගාටුවට කරුණක් විය.
ශ්‍රී ලංකාව පළමු හමුවීමේදී කිර්ගිස්තානය පරාජය කළ අවස්ථාව ද,ශ්‍රී ලංකාව මේ තරගාවලියේ නේපාලයට පරාජය වූ අවස්ථාවද සළකමින් අප අවසාන පූර්ව වටයට පිවිසි අවස්ථාවේ දී ලියූ සටහනේ දී මෙසේ ලියූවේය.


//ඇත්තටම තත්ත්වය ශ්‍රී ලංකාව මේ තරගාවලියේ සිටින හොඳම දක්ෂතා සහිත කණ්ඩායම වීමය.ප්‍රතිවාදීන්ට ඇති වාසියඑම දක්ෂයන් විසින් කරන අත් වැරදිය.එසේත් නැතිනම් අදාළ මොහොතට කළ යුතු දේ ගැන නිශ්චිතව තීරණය කරන්නට ඇති නොහැකියාවය.// https://sinhala.lankanewsweb.net/11/07/216609/
එම සටහනේම අප පැවසුවේ //ශ්‍රී ලංකාවට අද විවේක දිනය අතිශයින් වැදගත්ය.නැවත මේ ප්‍රශංසා සහගත තරගය ඒ ආකාරයෙන්ම ක්‍රිඩා කර ජය ගන්නට කිර්ගිස්තානය ශ්‍රී ලංකාවට ඉඩ නොදෙනු ඇත.ජාත්‍යන්තර තරගවල හැටි එහෙමය.ඒ නිසා වෙනස් සැළසුම් රැඟෙන ඒම වැදගත්ය.// යනුවෙනි.


මේ කාරණාවන් කිර්ගිස්තානය සහ ශ්‍රී ලංකාවේ අවසාන පූර්ව හමුවිමේදී දකින්නට ලැබිණ.කිර්ගිස්තානය ජයග්‍රහණය උදෙසා අලුත් සැළසුම් රැඟෙන පැමිණ තිබිණ.මුල් වටයේ ආරම්භයේදී ශ්‍රී ලංකාව ඊට ඔරොත්තු දෙමින් ජයග්‍රහණය ආසන්නයටම ආවේය.එහෙත් ශ්‍රී ලංකාව එම වටයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට තිබුණ අවස්ථාව මඟ හැර ගනිමින් ජයග්‍රහණයට තිබුණ අවස්ථාව කිර්ගිස්තානයට දෙමින් ලකුණු 24 – 26 ක් ලෙස පරාජය ලැබුවේය.ඒ ආපිට හැරීමෙන් මිදෙන්න ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ අසමත් වූහ.


අප ශ්‍රී ලංකාවේ සිටින හොඳම දක්ෂතා අතර සිටින කණ්ඩායම ලෙස මේ කණ්ඩායම හැඳින්වූවේ ඇත්තටම ඔවුන් දක්ෂ නිසාය.හය දෙනෙකුම වයස අවුරුදු 16 න් පහළ වීම සළකාය.එයට ඇතුළත් කළ යුතු සංශෝධනය ජයග්‍රහණයෙන් පසුව ලිවිමේ සිහිනයක් තිබුණ ද අවසාන තරගයට පිවිසීමේ සිහිනය පවා ඉටු කර ගන්නට පුංචි කෙල්ලන් අසමත් වී ඇත.


එක රට නොවන තැන මොන හැකියාව තිබුණත් ඒවා දෙක විය යුතුය.රට සම්බන්ධයෙන් නොසිතන,රටේ ක්‍රීඩාවේ තත්ත්වය කුමක් වුවත් ජාතික කණ්ඩායම නියෝජනය තරම් අභිමානයක් වෙන කිසිම ආකාරයකින් නොලැබෙන බව නොසිතන්නෙකුට කිසිම ආකාරයක දේශපාලන අනුග්‍රහයක් නොලැබිය යුතුය.එය සිඳුවන අයුරු අපි දුටිමු.එහි වෙනස ඇත්නම් ඉතාම දක්ෂ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙකු සෞඛය මට්ටමේ අර්බුදයක් නැත්නම් තේරිම් සඳහා,ජාතික සූරතා සඳහා ගෙන්වා ගැනීමට අවශ්‍යය නැත.අවස්ථාව දිය යුතුය.එහෙත් ඔවුන් එම අවස්ථාව මඟ හරිනවානම් කිසිඳු අවස්ථාවක් නොදී ජාතික කණ්ඩායමෙන් නෙරපා හැරිය යුතුය සහ අදාළ ක්‍රීඩා පරිපාලනයට ඔවුන්ව නොසළකා සිටීමට අවස්ථාව දිය යුතුය.


එම අවස්ථාව වොලිබෝල් සම්මේලනයට ද තිබිය යුතු අතර එසේම යම් පාසල් කණ්ඩායමක පුහුණුකරුවන් සහ පාසල් ප්‍රධානීන් තමන්ගේ පාසලේ දක්ෂයන් ඇපයට දමා යම් යම් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් ජාතික කණ්ඩායමට එවීම මඟ හැර යන්නේනම් එම පාසල්වලට ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එකතුව ගත යුතු දඬුවමක් තිබිය යුතුය.පාසල් මට්ටමෙන් ජාතික වටිනාකමක් ඇති තරගාවලි වන ඩීඑස්අයි මෙන්ම සමස්ත ලංකා පාසල් වොල්බෝල් සූරතාවයද ක්‍රීඩා කිරීම එම පාසල්වලට යම් කිසි කාලයකට තහනම් කළ යුතුය.එක රට නොවන එකෙකු රටට වැඩක් නැත කියන ප්‍රතිපත්තියේ නැති අය නිසා හය දෙනෙකුම අවුරුදු 16 න් පහළ වීම ඇත්ත යන්න පිළිගත යුතු අතර ඊට අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට වොලිබෝල් සම්මේලනයට අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යංශ නිදහස සහ අවස්ථාව දිය යුතුය.
මේ සියල්ල කිර්ගිස්තානය සිය තරග රටාව වෙනස් කිරීම නිසා ශ්‍රී ලංකාවට බලපෑවේය.දිනන්නට වැඩිම අවස්ථාව ශ්‍රී ලංකාවට ඉඩ තිබුණ පළමු වටය ජය ගත්තේනම් කිර්ගිස්තානය ශ්‍රී ලංකාව හමුවේ එක දිගට පරාජයට පත්වන සිව්වන තරග වටය එය වන්නේය.එහෙත් එම පීඩනය ඔවුන් පිට පැටවෙන්නට තිබුණ ඉඩ අහුරා නැඟුණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පීඩනය තමන් මත පොරවා ගත්හ.වරින් වර දෙවන වටයේදී පීඩනය දරා ගනිමින් අවස්ථා කිහිපයකදීම පෙරමුණට සහ ලකුණු සම අවස්ථාවන්ට ආව ද අවසාන ලකුණු තත්ත්වය 25 – 21 ක් ලෙස කිර්ගිස්තානය ජය ගත්තේය.එයින් කිර්ගිස්තානය නොලැබිය යුතු ලකුණු හයක පමණ ප්‍රමාණයක් ඉතා පහසු වැරදීම් සහ අනවබෝධය විසින් ශ්‍රී ලංකාව පිරිනැමූ ඒවා විය.


තෙවන වටය වන විට ශ්‍රී ලංකාවේ හැඟීම ලිහී දිය වී තිබිණ.අපට බැහැ වැනි හැඟීමක ඔවුන් වෙලී සිටින බව දැණින.මේ ශරිර කියවීම කිර්ගිස්තානයට මහත් උත්ප්‍රේරකයක් විය.ඒ නිසා ප්‍රතිපලය 25-15 ක් විය.
එහෙත් ක්‍රීඩාවේ බලධාරින් තරගාවලියේ සිටි පොඩිම කෙල්ලන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෑ හපන්කම් දුටුවේ නැත.එහෙම තරග බලන සංස්කෘතියක් නැති අතර ඔවුන් ආරාධනා කර කැඳවිය යුතුය යන සම්ප්‍රදාය තව දුරටත් පවතින්නේය.අනාරාධිතව කඩා වැද,තරග නැරඹිම ප්‍රභූත්වයට පත් වූ පසු නුසුදුසුකමක් වන සංස්කෘතිය වෙනස් නොවන සම්ප්‍රදායක්ව පවතින අතර එසේ නොවී මේ තරග නැරඹුවේනම් මේ පැංචියන් ඉදිරිය වෙනුවෙන් සුරක්ෂිත කිරිමට විශේෂ අවධානයක් යොමු කරනවා සැක නැත.


පාසල් වේලාව 2.00 දක්වා ගුරු අකමැත්තෙන් තීරණය කරන්න වලිකන ආණ්ඩුව විෂය සමගාමී ක්‍රියාකාරකම්වලට සහභාගි වන දරුවන්ට මඟ හැරෙන අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් කැපවෙන ලෙස ගුරවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින වැඩ සටහනක් ගැන හිතන්නේ නැත.අධ්‍යාපනය යනුවෙන් හිතන්නේම පංති කාමර අධ්‍යාපනය තුළ දරුවා සිර කර තබන කාලය වැඩි කර විමුක්තිය උදා කර දිය හැකිය යන සංකල්පයක්ය.නවින වන්නේ එසේද යන ගැටළුවත් සමඟ මධයම ආසියානු වොලිබෝල් තරගාවලිය හරහා මතු වුණ අනාගත දක්ෂයන් ඔප දැමීම වොලිබෝල් පරිපලානයත් ක්‍රිීඩා පරිපාලනයත් එක්ව කළහොත් ජාතික ක්‍රීඩාවේ අනාගත කාන්තා වොලිබෝලයට අසුබ කාලයෙන් මිදී නැඟෙන්නට හොඳටම ඉඩ ඇත.


තරගාවලියේ අවසාන තරගයට මාල දිවයින පැරද වූ නේපාලය සහ කිර්ගිස්තානය පිවිස ඇත.වඩා දක්ෂයන් ජයග්‍රහණය කරනු ඇත.වඩා විශිෂ්ට වොලිබෝල්වලට වැදගත් වින්දනාත්මක උණුසුම් සටනකට දෙපිළටම සුබ පතමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : 2025 ඔක්තෝබර් මාසයේදී...

එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර්...

ලක්ෂ 10න් ගෙවල් හදන හැටි පෙන්වන්නම්, එන්න ගම්පහට – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් ලක්ෂ 10කින් නිවසක් ඉදිකරන්නේ කෙසේදැයි...

ඉදිරි දස වසර තුළ සමාජ සුබසාධනය සහ ශාසනික උනන්තිය වෙනුවෙන් කැපවෙනවා – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල ගතවූ විසි වසර තුළ කුමන අභියෝග...