එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර් 01වන දා සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය කෙටි කාලීන රජයේ අරමුදල් සැලැස්මක් සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වීම හේතුවෙන් රජයේ සියලු කටයුතු ඇනහිටීම 39වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

ෆෙඩරල් රජයේ වසා දැමීමේදී ගමනාගමනය අඩු කරන ලෙස ගුවන් සමාගම්වලට මෙම සතියේ දැනුම් දීමෙන් පසු ඊයේ(08)දිනයේදී ගුවන් සමාගම් සිය ගුවන් ගමන් මේ වන විට 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර වැඩිපුරම අවලංගු කරන ලද ගුවන් තොටුපළවල් වූයේ චාලට්/ඩග්ලස් ඉන්ටර්නැෂනල්, නිව්වාක් ලිබර්ටි ඉන්ටර්නැෂනල් සහ චිකාගෝ ඕ’හෙයාර් ඉන්ටර්නැෂනල් ය.

ඊයේ(08)දිනයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු ගුවන් සේවය “අවහිර කිරීම අවසන් කිරීම සඳහා වහාම විසඳුමක් ලබා ගන්නා ලෙස වොෂින්ටන් ඩී.සී. හි නායකයින්ගෙන්” ඉල්ලා සිටි අතර ෆෙඩරල් සේවකයින්ට වැටුප් නොගෙවීම සහ මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන්ට ආහාර ආධාර ප්‍රමාද වීම හේතුවෙන් මෙම අවුල් සහගත තත්ත්වය රට තුළ වැඩි වැඩියෙන් දක්නට ලැබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයෙන් වසර දෙකකට පසු, 2018 දෙසැම්බර් මාසයේද මේ හා සමානව රජයේ අරමුදල් සම්බන්ධයෙන් කොංග්‍රසය එකඟ වීමට අපොහොසත් වීමෙන් පසු, දින 35 ක අර්ධ රජයේ වසා දැමිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...