අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW :

හෙට (09) පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වලට භාරදී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන සංඛ්‍යාව, 2362 ක් වන අතර, එම මධ්‍යස්ථාන වලට පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙටින් ආරම්භ වන අතර විභාගය අවසන් වන්නේ, දෙසැම්බර් 05 වැනිදායි. ඒ සඳහා සුදුසුකම් ලබා ඇති සිසුන් සංඛ්‍යාව, තුන් ලක්ෂ 40,525 ක් වේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ , විභාගය පැවැත්වෙන කාලසීමාවේ ආපදා තත්ත්වයක් ඇතිවුවහොත්, ඒ සඳහා මුහුණදීමට ද, විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. එවැනි තොරතුරු 117 අංකයෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම්දිය හැකියි.

තවද, 1911 අංකයෙන් ද , විභාග දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ දැනුම් දිය හැකිය. 0113 66 80 26 සහ 0113 66 80 32 යන දුරකතන අංක ඇමතීමෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියේ ස්ථාපිත ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකයට ද, තොරතුරු ලබා දිය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...