පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 220 දෙනෙකු මිය ගොස් දින කිහිපයකට පසු පිලිපීනයේ නැගෙනහිර වෙරළ තීරයට ටයිෆූන් ෆන්ග්-වොන්ග් නම් තවත් ප්‍රභල සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වලට යවා ඇති බව වාර්තා වේ.

රජයේ කාලගුණ විද්‍යාඥයා ඒජන්සියට අනුව, ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව රටේ බොහෝ ප්‍රදේශවලට අවම වශයෙන් 200mm (අඟල් 8) ක වර්ෂාපතනයක් හා පැයට කිලෝමීටර 230 ක් දක්වා සුළං , අධික වර්ෂාව හා ගංවතුර තත්වයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරන අතර ටයිෆූන් ෆන්ග්-වොන්ග් සුළි කුනාටුව හේතුවෙන් මේ වන විට දෙදෙනෙකු මියගොස් ඇත.

මේවන විට පිලිපීනයේ අගනුවර වන මැනිලා ඇතුළු ප්‍රධාන පිලිපීන දූපතක් වන ලුසොන්හි පාසල් වසා දමා ඇති අතර ගුවන් ගමන් 300කට අධික ප්‍රමාණයක් දැනටමත් අවලංගු කර ඇත.

මෙම සුළි කුනාටුව මෙම වසරේ පිලිපීනයට බලපෑ 21වන කුනාටුව වන අතර ඒවා මිලියන ගණනක් ජනතාවගේ දරිද්‍රතාවය තවත් උග්‍ර කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...