පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 220 දෙනෙකු මිය ගොස් දින කිහිපයකට පසු පිලිපීනයේ නැගෙනහිර වෙරළ තීරයට ටයිෆූන් ෆන්ග්-වොන්ග් නම් තවත් ප්‍රභල සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වලට යවා ඇති බව වාර්තා වේ.

රජයේ කාලගුණ විද්‍යාඥයා ඒජන්සියට අනුව, ෆන්ග්-වොන්ග් සුළි කුණාටුව රටේ බොහෝ ප්‍රදේශවලට අවම වශයෙන් 200mm (අඟල් 8) ක වර්ෂාපතනයක් හා පැයට කිලෝමීටර 230 ක් දක්වා සුළං , අධික වර්ෂාව හා ගංවතුර තත්වයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරන අතර ටයිෆූන් ෆන්ග්-වොන්ග් සුළි කුනාටුව හේතුවෙන් මේ වන විට දෙදෙනෙකු මියගොස් ඇත.

මේවන විට පිලිපීනයේ අගනුවර වන මැනිලා ඇතුළු ප්‍රධාන පිලිපීන දූපතක් වන ලුසොන්හි පාසල් වසා දමා ඇති අතර ගුවන් ගමන් 300කට අධික ප්‍රමාණයක් දැනටමත් අවලංගු කර ඇත.

මෙම සුළි කුනාටුව මෙම වසරේ පිලිපීනයට බලපෑ 21වන කුනාටුව වන අතර ඒවා මිලියන ගණනක් ජනතාවගේ දරිද්‍රතාවය තවත් උග්‍ර කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...