ජනතාවගේ සීනි පාලනය අඩුවෙලා, දියවැඩියාව වැඩිවෙලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවයිනේ මේ වනවිට දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය පවසන අතර, මෙරට ජනගහනයෙන් සියයට 14.6ක් මේ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවය.

ඇය වැඩිදුරටත් පැවසූවේ,

ලෝක ජනගහනයෙන් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් දියවැඩියාව රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කතා කළොත්, දියවැඩියා රෝගය ගැන අපි සෑම වසර 5කටම සැරයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුකූලව කරන සමීක්ෂණයක් තියෙනවා. ඒකේ ඇත්තටම අවුරුදු 18 – 69ත් අතර වැඩිහිටියන්ගේ මුළු ලංකාවම නියෝජනය වෙන පරිදි සාම්පල් එකකින් තමා අපි මේක කරන්නේ. ඒකේ ප්‍රතිඵල අනුව 14.6%ක ප්‍රමාණයට දියවැඩියාව තියෙනවා. රෝගීන්ගේ වැඩිවීමක් අපි දැනට පෙන්නුම් කරනවා. අපි 2015 කරපු එකේ දී 7.4%යි හිටියේ. නමුත් දැන් 14.6%ක් දක්වා වැඩිවෙලා. ආතතිය හා සෞඛ්‍යමත් නොවන ආහාර රටා සමග වැඩිවීමක් පෙන්නුම් කරනවා.”

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය මෙම අදහස් පළ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...