ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඊයේ දිනයේ (නොවම්බර් 8) පාර්ලිමේන්තුවේ ඇති වූ අදහස් දැක්වීම් හරහා මතු වූ උණුසුම්කාරි තත්ත්වය හමුවේ අද දවසේ ඒ සම්බන්ධ විවාදයකට පක්ෂ නායකයින්ගේ එකඟතාවයක් ඇති විය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ පාර්ලිමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කර ඇති දූෂණ නිසා ඔවුන් ඉවත් කළ යුතු බවය.මෙහිදී අමාත්‍යවරයා අභියාචනාධිකරණ විනිසුරු බන්දුල නිශ්ශංක කරුණාරත්නගේ නම සෘජුවම ප්‍රකාශ කරමින් ඔහු පක්ෂපාතීව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තීන්දු ලබා දෙන බව කියමින්,ඊට බලපාන ඥාති හිතවත්කම් ද සභාවට ඉදිරිපත් කළේය.එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ද දැඬිව දෝශ දර්ශනයට ලක් කළේය.
අදාළ විනිසුරුවරයා විසින් විදේශගත වීම ආදි කරුණු නිසා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම් කළ රගර් ස්ථාවරණ කමිටුව විසුරුවාලීම සඳහා අවශ්‍යය නඩු විභාගයේ දී ද,අධිකරණය විසින් ගනු ලැබූ තීරණ ප්‍රමාදයට ලක් විය.ඒ නිසා ශ්‍රී ලංකා රගර් පරිපාලනයට ආසියානු ඔලිම්පික් ධජය යටතේ සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් සඳහා යොමු කිරීමට අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමේදී ප්‍රමාදයන් සිදු වූ බව අප ඒ සම්බන්ධයෙන් කරන ලද හෙළිදරව්වලදී පැහැදිළි විය.එසේම නියෝජ්‍ය ඇමති ඩයනා ගමගේ වෙනුවෙන් ලබා දුන් තීරණය ද මේ වන විට සමාජයේ කතාබහට ලක්වෙමින් තිබෙන්නේ එය 2- 1 ක් ලෙස ඩයනා ගමගේ නියෝජ්‍ය ඇමතිණීයට වාසිදායක ලෙස නිමා වෙද්දී ද මෙම විනිසුරුවරයා විනිසුරුවරයෙක් ලෙස එම තීරණය සමඟ සිටීම හේතුවෙන්ය.
නමුත් ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් පවසා සිටියේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ක්‍රිකට් ආයතනයට එල්ල කළ චෝදනා සඳහා පදනම් වූ විගනකාධිපති වාර්තවේ ඇත්තේ යම් යම් නිර්දේශ බවත්,ඒවාට පිළිතුරු ඉදිරිපත් කර තිබෙනවා සේම,ඒ සම්බන්ධයෙන් යම් යම් වෙනස්වීම් සිඳු කිරීමට කටයුතු කර තිබෙන බවත් සහ කටයුත් කිරීමට සැළසුම් කර තිබෙන බවත්ය.
එසේම වසර හතරකට වරක් ස්වෙච්ඡාවෙන් සේවය කරන ක්‍රිකට් ආයතන විධායක සභාව ලෝක කුසලානයට යැවීම සඳහා කටයුතු කිරීම පෙර සිටම සිඳු වී ඇති ක්‍රියාවක් බව පෙන්වා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් විධායක සභාවට අමතරව කිසිවෙකු හෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වියදමක් දරා ඇති බව ඔප්පු කළහොත් විධායක සභාව ඉල්ලා අස්වන බව ද ප්‍රකාශ කළේය.
තරගාවලිය අතරතුර සිඳුවන මේ සිදුවීම් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මානසිකත්වයට බලපාන බව ද එම නිලධාරීන් පෙන්වා දුන්නේ වක්‍රාකාරයෙන් අමාත්‍යවායගේ ක්‍රියාවන් පරාජය සඳහා කණ්ඩායමේ මානසිකත්වයට බලපාන බවට චෝදනා මුඛයෙන් අදහස් දක්වමින්ය.
කෙසේ වුව ද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා මූලික්ත්වය ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් එළවා දැමීම සඳහා විපක්ෂයේ සහය දෙන බවත්,ඒ සඳහා 225 දෙනාම එකඟ විය යුතු බවත් පවසමින් ඊයේම (2023 – 11 – 08) මේ කාරණයට පාර්ලිමේන්තු විවාදයක් ගැනීමට උත්සාහ කළ අතර එහිදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහය ආණ්ඩුව වෙනුවෙන් යෝජනාව ගෙනා ඇමතිවරයාට ලැබෙන නමුත් විපක්ෂනායකවරයාගේ මැදිහත්වීමෙන් ගන්නට හදන්නේ දේශපාලන වාසියක් බව පෙන්වා දෙමින් ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ බොහෝ කරුණු ඉදිරිපත් කිරීම්වලට මැදිහත් වෙමින් බාධා කරන ආකාරයද දකින්නට ලැබිණ.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා දැනට ක්‍රිඩා අමාත්‍යවරයා පත් කර ඇති අතරු කමිටු සභාපති අර්ජුන රණතුංගගේ බාල සහෝදරයෙක් මෙන්ම අර්ජුන ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයාව සිටියදී සහ ඔවුන් දෙදෙනාගේම වැඩිමහල් සොහොයුරු ධම්මික රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ලෙස සිටියදී තිලංග සුමතිපාල පාර්ශවයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්ව ජය ලබා උප සභාපතිවරයෙක් ලෙස ද කටයුතු කළ අයෙකි.
කෙසේ හෝ ඊයේ පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටි බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් තරගයට මෙන් පෙනී සිටින්නට දරන වෑයම හොඳින් කැපී පෙණින.ලංකාවේ සෙසු ක්‍රිඩාවන් හා සසඳද්දී සශ්‍රීකම පරිපාලනය හැටියට ලෝකයේ ධනවක්ම ක්‍රිකට් පරිපාලනයක් ලෙස පත්ව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් මේ ආකාරයට පාර්ලිමේන්තුව තුළ තර්ක විතර්ක ඇති වුණ ද,මීට පෙර ශ්‍රී ලංකා රගර් සහ පාපන්දු දේශපාලන බලපෑම් හේතුවෙන් තහනමට ලක්වීම ගැන ආණ්ඩුවට හෝ විපක්ෂයට කිසිඳු හැඟීමක් නොතිබිණ.
එහිදී ක්‍රිඩා අමාත්‍යවරයා ගත් ඇතැම් තීරණ හකුලමින් යළි ගැසට් නිවේදන නිකුත් කරමින්ද,එසේත් නැතිනම් ජාත්‍යන්තරය පැවසූ කාරණා පිළිගනිමින් ගැසට් නිවේදන නිකුත් කරමින් ද ඔප්පු කළේ ක්‍රිඩා අමාත්‍යවරයාගේ යම් දේශපාලන මැදිහත්වීමක් එම තහනම් සම්බන්ධයෙන් තිබුණ බව වුව ද,උත්තරීතර පාර්ලිමේන්තුවට එම ක්‍රීඩාවන් ගැන මෙතරම් තදින් නොදැන ක්‍රිකට් පමණක් දැනීම ලංකාවේ සෙසු ක්‍රීඩා දියුණුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් වැඩි අවධානයක් යොමු නොකිරීම පැහැදිළි කිරීමකි.
කෙසේ හෝ අද (නොවැම්බර්) පාර්ලිමේන්තුවේ කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වන විවාදයට වෙන්වන අතර,එහිදී ජනාධිපතිවරයා හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන අලුත් යෝජනා සහිත ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් යටතේ 18 ක් වන අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතට ගෙන ඒමේ යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත ද මේ විවාදය අතර තුර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත බව ද වාර්තාවේ.
මේ සමඟ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කරන ලද කතාව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පැවත් වූ මාධ්‍ය හමුවේ දැක් වූ අදහස් ඇතුළත් වීඩියෝවන් ද සම්පූර්ණයෙන් මේ සටහනට ඇතුළත් කර ඇත.
https://fb.watch/ob9_A5GvlN/?mibextid=2JQ9oc
https://fb.watch/oc8InX7HAs/?mibextid=Nif5oz
සටහන – නිෂ්මං රණසිංහ
