රටම රත් කළ ක්‍රිකට්:පාර්ලිමේන්තු විවාදය යද්දී ක්‍රිකට් ආයතනයට යන පාරත් වැසෙයි!

Date:

කොළඹ LNW:ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (09) විවාදයට ගෙන ඡන්දයකින් සම්මත කර ගැනීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණු අතර ඒ අනුව විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත්විය යුතු බවත් දූෂණයෙන් තොර ක්‍රිකට් පාලනය විනිවිඳභාවයෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු බවත් එම යෝජනාව මඟින් සම්මත කරගැනීමට යෝජිතය.

යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඒ අවට පරිශ්‍රය අදත් පිරිසක් පැමිණ විරෝධතාවයේ නිරතවෙමින් සිටින බව සඳහන්.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා ඇතුලු සෙසු සාමාජිකයින්ට සිය තනතුරුවලින් ඉවත් වන ලෙස බලකරමිනි.

එම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය මේ වන විට වසා දැමීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාවද තරකර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...