රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන් වේ. ඒ IMF තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා බවට තොරතුරු වාර්තා වේ.
මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්ථීරණ ණය අරමුදල් පහසුකම යටතේ තුන්වන සමාලෝචනය සිදු කිරීමට නියමිතව තිබෙන අතර, අදාළව ඇමෙරිකාවේදී පැවති සාකච්ඡාවල තවත් පියවරක් ලෙස මෙම හමුව සිදුවන බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවට මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීළග ණය වාරිකය ලබාදීම සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.