එජාපයේ තනතුරු වෙනසක්. හරීන්ටත් ලොකු පුටුවක්!

Date:

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව සමඟි ජන බලවේගය පිහිටුවීමේ ක්‍රියාවලිය තුළද ඔහු සක්‍රීය මැදිහත්වීමක් කළ නමුත් අනතුරුව ගෝල්ෆේස් අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසු හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යළි එක්සත් ජාතික පක්ෂය හා එක්විය.

ඒ අනුව ඔවුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ අමාත්‍ය ධූර ද දරනු ලැබීය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නව දේශපාලන වැඩපිළිවෙල සමඟ ඔහු නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත්ව ඇති අතර අද ඔහු එම ධූරයේ වැඩ භාරගැනීම සිරිකොතදී සිදුවිය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය කඩිනමින් එක්විය යුතු බවයි.

සමඟි ජන බලවේගය නිර්මාණය කළෙත් එක්සත් ජාතික පාක්ෂිකයින් වන අතර මේ වන විට ගම් මට්ටටමේ ඉල්ලීම වී ඇත්තේ සමඟිය හා එජාපය එක්වීම බවද ඔහු සඳහන් කරන ලදී.

එය සිදු නොවන්නේ නම් එදා සමඟි ජන බලවේගය සෑදු අයුරින්ම සමඟි ජන බලවේගයේ අය එක්සත් ජාතික පක්ෂයට පැමිණීම වැළැක්විය නොහැකි වනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.

පක්ෂ නායකයින් හා තනතුරු දරන අයගේ මතය කෙසේවුවත් ගමේ පාක්ෂිකයාගේ ඉල්ලීම එය බව හරීන් ප්‍රනාන්දු මහතා කියාසිටියේය.

එමෙන්ම දැවැන්ත බලවේගයක් සහිත පොදු විපක්ෂයක් ගොඩනැගිය යුතු වන බවද එහිදී හරීන් ප්‍රනාන්දු මහතා කියාසිටියෙය්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...

කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...

තවත් පෙත්සමක් විසිවෙයි!

කොළඹ LNW:හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම...

නීතීඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ...