එජාපයේ තනතුරු වෙනසක්. හරීන්ටත් ලොකු පුටුවක්!

Date:

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව සමඟි ජන බලවේගය පිහිටුවීමේ ක්‍රියාවලිය තුළද ඔහු සක්‍රීය මැදිහත්වීමක් කළ නමුත් අනතුරුව ගෝල්ෆේස් අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසු හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යළි එක්සත් ජාතික පක්ෂය හා එක්විය.

ඒ අනුව ඔවුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ අමාත්‍ය ධූර ද දරනු ලැබීය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නව දේශපාලන වැඩපිළිවෙල සමඟ ඔහු නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත්ව ඇති අතර අද ඔහු එම ධූරයේ වැඩ භාරගැනීම සිරිකොතදී සිදුවිය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය කඩිනමින් එක්විය යුතු බවයි.

සමඟි ජන බලවේගය නිර්මාණය කළෙත් එක්සත් ජාතික පාක්ෂිකයින් වන අතර මේ වන විට ගම් මට්ටටමේ ඉල්ලීම වී ඇත්තේ සමඟිය හා එජාපය එක්වීම බවද ඔහු සඳහන් කරන ලදී.

එය සිදු නොවන්නේ නම් එදා සමඟි ජන බලවේගය සෑදු අයුරින්ම සමඟි ජන බලවේගයේ අය එක්සත් ජාතික පක්ෂයට පැමිණීම වැළැක්විය නොහැකි වනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.

පක්ෂ නායකයින් හා තනතුරු දරන අයගේ මතය කෙසේවුවත් ගමේ පාක්ෂිකයාගේ ඉල්ලීම එය බව හරීන් ප්‍රනාන්දු මහතා කියාසිටියේය.

එමෙන්ම දැවැන්ත බලවේගයක් සහිත පොදු විපක්ෂයක් ගොඩනැගිය යුතු වන බවද එහිදී හරීන් ප්‍රනාන්දු මහතා කියාසිටියෙය්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...