කොළඹ LNW:2025 ජාතික අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනා අතුරින් සම්පූර්ණයෙන් ඉටුකළ පොරොන්දු ප්‍රතිශතය 33% ක් දක්වා දෙගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් තිබෙන බව වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ PublicFinance.lk වෙබ් අඩවිය මඟින් කරන ලද පසුවිපරමකින් අනාවරණය වී තිබේ.
2017 වසරේ සිට සිදු කරන අයවැය පොරොන්දු පසු විපරමට ලකක්ර ඇති අතර වාර්තා වූ ඉහළම ප්‍රගතිය මෙය වන අතර, 2024 වසරේදී එම අගය පැවතියේ 17% ක මට්ටමක පැවති ඇත.
රුපියල් මිලියන 500 කට වැඩි වටිනාකමකින් යුත්, සමස්ත වෙන් කිරීම රුපියල් බිලියන 212 ක් වූ ප්‍රධාන යෝජනා 36 ක් පදනම් කර ගනිමින් මෙම ඇගයීම සිදු කර තිබේ.
2025 පෙබරවාරි මාසයේ අයවැය ඉදිරිපත් කිරීම හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට කෙටි කාලයක් පැවතිය ද, සමස්ත යෝජනාවලින් 41% ක් (යෝජනා 15 ක්) සම්පූර්ණයෙන් හෝ සැලකිය යුතු මට්ටමකින් (8%) ක්‍රියාත්මක වී ඇති බව එහි දැක්වෙයි.
කෙසේ වෙතත්, අර්ධ වශයෙන් ක්‍රියාත්මක වූ යෝජනා 22% ක්, දුර්වල ප්‍රගතියක් පෙන්වූ යෝජනා 14% ක් සහ කඩවූ පොරොන්දු 3% ක් ලෙස 40% කට ආසන්න ප්‍රමාණයක් (යෝජනා 14 ක්) ප්‍රමාණවත් මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බවද වාර්තා කර ඇත.
මේ අතර තවත් යෝජනා 19% ක ප්‍රගතිය නිසි ලෙස හෙළිදරව් වී නොමැති නමුත් 2017 වසරෙන් පසු පළමු වරට සියලුම යෝජනා පිළිබඳව කිසියම් හෝ තොරතුරක් ප්‍රසිද්ධියට පත් කර තිබීම විනිවිදභාවය අතින් කැපී පෙනෙන වර්ධනයක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

