“ආසියාතික අවසන් තරගයක හීනය” එංගලන්තය සාහසික ලෙස පැහැර ගනියි

Date:

ඇලෙක්ස් හේල්ස් පන්දු 47 න් නොදැවී ලකුණු 86 ක් සහ ජොස් බට්ලර් පන්දු 49 න් නොදැවී ලකුණු 80 ක් ද ලබමින් පළමු කඩුල්ලට නො’දැවුණු ලකුණු 170 ක වාර්තාගත සබඳතාවයක් පවත්වමින් ඉන්දියාවට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබමින් එංගලන්තය අවසාන තරගයට පිවිසුණා.

පකිස්තාන – නවසීලන්ත අවසාන පූර්ව තරගයට වඩා හාත්පස වෙනස් මුහුණුවරක් ගත් මෙම තරගයේදී ප්‍රහාරාත්මක ලක්ෂණ බෙහෙවින් දකින්නට ලැබිණ.කාසියේ වාසිය ලැබූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට කළ ආරාධනයෙන් පසුව ඔවුන් ලකුණු 168 ක් රැස් කළේ කඩුලු 6 ක් දැවී ය.විරාට් කෝලී පන්දු 40 න් ලකුණු 50 ක් ද,හාර්ඩික් පාන්ඩයා පන්දු 33 න් ලකුණු 63 ක් ද ලබමින් ඉන්දීය ඉණිමට ජීවය බවට පත් විය.

ඉන්දීය පිතිකරුවන්ට අභියෝගයක් වූ අදෙල් රෂීඩ් පන්දු ඕවර් 4 තුළ ලකුණු 20 ට කඩුලු 1 ක් ලබා ගනිමින් ඉන්දීය ලකුණු ලබා ගැනීමට යම් බලපෑමක් ඇති කරන්නට සමත් විය.ලිවින්ග්ස්ටෝන් ද පන්දු ඕවර් 3 ට ලකුණු ලබා දුන්නේ ලකුණු 21 පමණි.

නමුත් එංගලන්ත පිතිකරුවන්ට එරෙහිව ඉන්දීය පන්දු යවන්නන්ට එවැනි පීඩනයක් එල්ල කරන්නට හැකියාව නොලැබිණ.විශේෂයෙන් ගෙදර වැඩ සාර්ථකව නිම කර තිබුණ හේල්ස් සහ බට්ලර් ඉදිරියේ පිතිකරුවන්ට පීඩාකාරී රවිචන්ද්‍ර අශ්වින් වැනි පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට බඳුන් විය.හේල්ස් හත් වතාවක් සහ බට්ලර් තුන් වතාවක් පන්දුව ඉහළින්ම හයේ සීමාවේ පතිත කරන්නට සමත්විය.බටිලර් හතරේ පහර නවයක් සහ හේල්ස් හතරේ පහර හතරක් තමන්ගේ ලකුණු සඳහා එකතු කර ගත්තේය.

තරගයේ වීරයා බවට පත් වූ හේල්ස් මෙන්ම බට්ලර් ද අවසාන තරගයට පෙරාතුව පන්දු ඕවර් 16 ක් තුළ ලකුණු 170 ක් රැස් කළ ප්‍රවේගකාරී ස්වභාවය සළකද්දී පකිස්තානයට අවසාන තරඟ⁣යට ඇති දින දෙක එම පිතිකරුවන් දෙදෙනා හැදෑරීමටම විශාල කාලයක් කැප කරන්නට වනු නො’අනුමානය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...