නවක වදය පිළිබඳ පැමිණිලි!

නවක වදය පිළිබඳ ණැවතත් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි. කැළණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට ශිෂ්‍ය සංගම් නියෝජිතයන් පහර දුන් බවට කිරිබත්ගොඩ පොලිස්ථානයට පැමිණ තිබේ.

ඒ සඳහා අදාළ සිසුවාට උපදෙස් ලබාදුන් බව පවසමින් තවත් සිසුන් හය දෙනෙකුට නේවාසිකාගාරයක් තුළ දී පිරිසක් රදවා තබා තබාගනිමින් ප්‍රශ්න කරමින් පහර දී ඇති බවට පවසමින් කැලණිය පොලිස්ථානය වෙත පැමිණිලි ලැබී තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට සමාජමාධ්‍ය භාවිතා කරමින් අසභ්‍ය දර්ශන යොමුකර නවකවදය ලබාදුන් බවටද පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම පැමිණිලි වලට අදාලව අපරාධ විධිවිධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන අනුව ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යාම සඳහා පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

රෂිකා හෙන්නායක
2022.11.10

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...