සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): මෙවර 71 වන වරට පැවත්වෙන ජාතික බැඩ්මින්ටන් සූරතාවලිය මාර්ගගත ක්‍රමයට විදිමේ අවස්ථාවක් බැඩ්මින්ටන් ලෝලීන්ටද ලැබෙන සේ එය ප්‍රසිද්ධ https://www.tournamentsoftware.com හරහා අත් විඳින්නට අවස්ථාවක් සළසා දීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පරිපාලනය කටයුතු සකස් කර ඇත.එහිදී ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ගැන උනන්දුවක් දක්වන දෙස් – විදෙස් බැඩිමින්ටන් ලෝලීන්ට තරගාවලිය සම්බන්ධයෙන් තරග තොරතුරු දැන ගැනීම සඳහා පහත සම්බන්ධතාවය හරහා 71 වන බැඩිමින්ටන් ජාතික සූරතාවලියට පිවිසෙන්නට හැකියාව ඇත.
https://www.tournamentsoftware.com/tournament/12E87736-E02E-47ED-8E16-CA3AD3A76E18
මේ හරහා පිවිස නොමිළේ ලියාපදිංචිය සහතික කරගෙන අනෙකුත් ජාත්‍යන්තර බැඩිමින්ටන් තරග ගැන දත්ත ලබා ගැනීමට ද අවස්ථාව ලැබෙන අතර තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන් තරග වඳින අංශයෙන් තරගාවලියට ඇතුළත් විමට මෙන්ම තරගාවලියේ නීතිමය ස්වභාවය ආදි සියළු කරුණු අනාවරණය කර ගන්නටද අවස්ථාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථාන පිටියේ දෙසැම්බර් 4 සිට 10 දක්වා පැවත්වෙන ජාතික සූරතාවලියට විවෘත අංශයේ තරග මෙන්ම කණිෂ්ට අංශයේ වයස් කාණ්ඩ තරග සහ ජ්‍යෙෂ්ඨ ප්‍රවීන තරග අංශයද වයස් කාණ්ඩ ගණනාවක් ඔස්සේ ඇතුළත් කර තිබේ.ඒ අනුව විවෘත අංශයෙන් කේවල පිරිමි,කේවල කාන්තා මෙන්ම කාන්තා සහ පිරිමි යුගල තරගද මිශ්‍ර යුගල තරගද ක්‍රියාත්මක වීමට නියමිතය.
අවුරුදු 11 පහළ,13 න් පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ කණිෂ්ඨ තරග අංශයේ තරග පැවත්වෙන්නේ පිරිමි කේවල,පිරිමි යුගල,කාන්තා කේවල සහ කාන්තා යුගල වශයෙන්ය.ප්‍රවීන තරග අංශයේ දී අවුරුදු 30 න් ඉහළ,35 න් ඉහළ,40 ඉහළ,45 න් ඉහළ,50 න් ඉහළ,55 න් ඉහළ,60 ඉහළ,65 න් ඉහළ සහ 70 න් ඉහළ ලෙස තරග පැවත්වෙනු ඇත.එම ප්‍රවීන තරගාවලියට විවෘත අංශයට අදාළ සියලු තරග ඉසව් ඇතුළත්ය.එසේම මෙවර කාන්තා සහ පිරිමි තරග අංශයෙන් පළිහ තරග ඉසව්වක් පවත්වා පරිජිතයන් අතරින් ජයග්‍රාහකයෙක් තේරීමේ තරගවලියක් ද ක්‍රියාත්මකය.
තරගාවලිය සඳහා ඇතුළත්වීමේ අවසාන දිනය වන නොවැම්බර් 24 දා ගැන මෙන්ම,තරග කාල සටහන සැකසීම සහ ශ්‍රේණිගත කිරීම් සළකා බැලීම,ඇතුළත්වීමේ ගාස්තු ආදි සියලු කරුණු විග්‍රහ කර ගැනීමට පහත සබඳතාවය භාවිතයට ගත හැකිය.
file:///C:/Users/User/Downloads/Propectus%20-%2071st%20Nationals%20Badminton%20Championships%202023%20-%208%20nov.pdf
