*
Friday, May 3, 2024
spot_img

Latest Posts

පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය මැඬලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග රැසක් ගැන ඇමති ටිරාන් පැහැදිලි කරයි (VIDEO)

පාතාල කල්ලි සහ කණ්ඩායම් මර්දනය සඳහා ක්‍රියාමාර්ග රැසක් පසුගිය මාස කිහිපය තුළ රැගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

“මෙම පාතාල කල්ලි කණ්ඩායම් මර්දනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද ? අපි විශාල ක්‍රියාමාර්ග අරන් තියෙනවා පහුගිය මාස කිහිපය තුළ. දළ වශයෙන් පොඩි පොඩි දේවල් මට ඕනෙ නම් කියවාගෙන යන්න පුළුවන්. නමුත් මං හිතන්නෙ ඒක වැඩක් නෑ. අපි ගත්ත විශාල ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් අවාසනාවකට වගේ මට ඒවා මෙතන ප්‍රකාශ කරන්න බෑ. ලෝකෙට ඇහෙන්න කියන්න බෑ අපි කෙරුවේ මොකක්ද කරන්නෙ මොකක්ද කියලා. නමුත් අපි දැන් හුඟක් දුරට, දකුණු පළාත විශේෂයෙන් පියවර අරගෙන, මමත් ළඟදී ගිහිල්ලා සියලු දෙනාටම කතා කරලා අපි වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. ඒ වගේම අපි මේ සිද්ධීන්වලට සම්බන්ධ වෙඩික්කරුවන් දැනටම 8 දෙනෙක් අත් අඩංගුවට අරගෙන තියෙනවා බස්නාහිරයි දකුණයි ගත්තොත්. ඒ අට දෙනාගෙන් දෙන්නෙක් පොලිසිය සමග එන්ගේජ් වෙලා මරණයට පත්වෙලා තියෙනවා. එතකොට පැදිකරුවන් 9 දෙනෙක්. ඔවුන්ගෙනුත් එක්කෙනෙක් මියගිහින් තියෙනවා. ඒ වගේම ආධාර අනුබල දීමට 67 දෙනෙක් අපි අත් අඩංගුවට අරන් හිරබාරයේ ඉන්නවා”

“බන්ධනාගාර ඇතුළේ ඉන්න යම්කිසි පිරිසක් බන්ධනාගාරය තුළ සිටම කුඩු ජාවාරමේ යෙදී සිටිනවා, ඒ වගේම ඝාතනවලටත් අනුබල දෙනවා. විදේශ රටවල්වල දැනට ඉන්නවා 30ක් පමණ ප්‍රමාණයක්. ඒ අයත් ඒ දෙය කරනවා. අපි දැනට විදේශ රටවල් සමග සාකච්ඡා කරමින් යනවා හැකිතාක් ඔවුන්ව ගෙන්වාගන්න ආපහු. බන්ධනාගාරවල රැඳී සිටින අයත් අපි දැන් අයිඩින්ටිෆයි කරලා, අධිකරණ ඇමතිතුමාත් එක්ක කතාකරලා, ඒ කට්ටියව වෙන ස්ථානයකට ගෙනිහිල්ලා රඳවන්න අපි සාකච්ඡා කරමින් පවතිනවා”

“පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ඉතින් විශේෂයෙන් මට සියලුම පොලිස් නිලධාරීන්ට ආරක්ෂාව දෙන්න බෑ. අනිත් එක ඔවුන් පොලිස් යුනිෆෝම් එකක් ඇඳගෙන පොලිසියට බැඳිලා වැඩකරනකොට ඔවුන්ට ඔවුන්ගේ ආරක්ෂාව බලාගන්න පුළුවන් වෙන්න ඕනෙ. ඉතින් ඒක හින්දා එහෙම විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් නෑ”

පොලිස් ස්ථානවල වාහන අඩුපාඩු පිළිබඳ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ,

“මම හරියටම දන්නෙ නෑ මොන පොලිස් ස්ථානවලද වාහනයක් නැත්තෙ කියලා. හේතුව, මේ අවුරුද්දේ අපි මැදිහත්වෙලා අලුතින් වාහන 500 ක් ගෙනාවා. ඒ සියලු වාහන පොලිස් ස්ථානවලට තමයි දුන්නේ. යම්කිසි වාහන ප්‍රමාණයක් වෙනවෙන වැඩවලට ගත්තා. එතකොට ඒ වාහන ටිකයි පරණ වාහන ටිකයි එකතු කළාම පොලීසි 606 ට අඩුම ගාණෙ එක වාහනයක්වත් තියෙන්න ඕනෙ. ඔබතුමා කියනවා නම් සමහර පොලිස් ස්ථානවල නෑ කියලා, මම ඒක හොයලා බලන්නම්”

අපරාධ සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් කිරීම පිළිබඳ විමසූ අවස්ථාවේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ,

“ට්‍රැවල් බෑන් එක එහෙම කල් යන්නෙ නෑ. කාටහරි ට්‍රැවල් බෑන් එකක් ගන්න ඕනෙ වුණොත් අපි එදාම උසාවියට ගිහිලා ඒක ගන්නවා. එහෙම තමයි දැන් ගුවන් තොටුපලේදී අපි එහෙම දාලා තිබුණ නිසා තමයි ඔය ගණේමුල්ලේ සංජීව වැනි අය එනකොට ඇල්ලුවේ. ඒ වගේම ඊයෙ පෙරේදා තව එක්කෙනෙක් පැනලා යන්න හදනකොට ඇල්ලුවේ. ඉතින් ට්‍රැවල් බෑන් එක දාන එක කෙරෙනවා. ඉමිග්‍රේෂන් එකේ හරියටම මේගොල්ලන්ව අයිඩින්ටිෆයි කරගන්න අලුත් ක්‍රමයකුත් අපි දැන් ස්ථාපිත කරමින් ඉන්නේ”

අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රමවේදය ගැන පැහැදිලි කරමින් අමාත්‍යවරයා,

“අවුරුදු හතරේදී අල්ලපු මත්ද්‍රව්‍ය මං හිතන්නෙ එක පාරකුත් ඒවා විනාශ කෙරුවා. නමුත් අපි දැන් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. වනාතවිල්ලුවේ අපි දැන් ඉන්සිනරේට් එකක් හයිකරනවා. නේවි එකෙන් වැඩ කරගෙන යන ගමන් ඉන්නෙ. එතකොට අපට අවුරුද්දකට සැරයක් වගේ ඕනෙ නෑ. අහුවෙන අහුවෙන ඒවා සාම්පල් එකක් අපි උසාවියට දීලා, අපි අධිකරණ ඇමතිතුමා එක්කත් කතා කරගෙන, සාම්පල් එකක් උසාවියේ තියලා අනිත් ඒවා ඔක්කොම එහෙට ඇරලා පුච්චනවා. ඒ වැඩපිළිවෙල දැන් පටන් අරගෙන තියෙන්නෙ” යැයි පැවසීය.

අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයකට පසුගියදා පිළිතුරු ලබාදෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan