දක්ෂිණාංශික ඇසක්, දක්ෂිණාංශික දැක්මක් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි!

Date:

කොළඹ LNW: ලෝක ගැටලු රටට ගැලපෙන ආකාරයට විසඳා ගත හැකි දක්ෂිණාංශික ඇසක්, දක්ෂිණාංශික දැක්මක් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුවක් වන “රයිට් වින්” විසින් සංවිධානය කළ “රනිල් ෆෝ 2024” වැඩසටහනට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

අපේ රටේ රයිට් වින් එක නියෝජනය කරන එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ වන අතර අපේ රට ගොඩනැගිය හැකි එකම ක්‍රමවේදය මේ දැනට ක්‍රියාත්මක කරමින් තිබෙන ක්‍රමවේදය බව බොහෝ දෙනා තේරුම් අරගෙන අවසන් බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.

”ඒක බොහෝ දෙනා තීරණය කරලා ඉවරයි. අපේ දැක්මට විවිධ විවිධ අය, නොයෙක් දේවල් කියනවා. ඒත් මේ වැඩපිළිවෙලට විවෘතව අභියෝගය කරලා ඊට එහා ගිය වැඩපිළිවෙලක් කවුරුවත් ඉදිරිපත් කරන්නේ නෑ. පහුගිය කාලයේදී තමන්ට මොනවද හමුවෙන්නේ කියලා විතරක් බලලා ඡන්දය පාවිච්චි කළා.

තමන්ගේ වැටුපෙන් බදු අය කරගන්නා එක නතර කිරීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරලා රටේම ආර්ථිකය විනාශ වෙලා, රටම ආපස්සට ගිය යුගයක් පහුගිය කාලයේදී අපි දැක්කා. ඒක නැවත වතාවක් අනික් පැත්තට ඇදගෙන යන්න අපිට සිදුවෙලා තියෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...