හෙට දවසේදී උත්තර නැත්නම් අපි අපේ තීරණ ක්‍රියාත්මක කරනවා – GMOA

Date:

කොළඹ LNW: වෛද්‍යවරුන් සඳහා බලපා තිබෙන බදු ගැටළුව ඇතුළු සෞඛ්‍ය පද්ධතියේ ප්‍රශ්න සම්බන්ධයෙන් හෙට දිනයේදී ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ජාවේදී රජයේ පාර්ශවයෙන් ඊට විසඳුමක් නොලැබෙන්නේ නම් තීරණය කර තිබෙන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ හෙට පැවැත්වෙන සාකච්ජාවේ ප්‍රගතිය අනුව රටේ සෞඛ්‍ය පද්ධතියේ අනාගතය රැඳී තිබෙන බවයි.

ඖෂධ ප්‍රශ්නයද දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර විශාල වෛද්‍යවරු පිරිසක් රට හැර යාමේ බලාපොරොත්තුවෙන් පසුවන බවද විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

”ඖෂධ ප්‍රශ්නය දවසින් දවස වැඩිවෙනවා. රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම දැඩි අවධානමකට ලක්වෙලා. වෛද්‍යවරු 5000ක් රට යන්න බලාගෙන ඉන්නවා. අවසානයේ වින්දිතයින් බවට පත්වෙන්නේ අහිංසක ජනතාව. සෞඛ්‍ය රැකගන්න නම් ප්‍රමුඛව කරන්න ඕන වෛද්‍යවරු රට තුළ රැකගන්න එක.
ආරම්භ කරල තියෙන වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මකයි. මේ ගැටලු පිළිබද හෙට ජනාධිපතිවරයා සමඟ සාකච්ජාවක් කරනවා. අපි බොහොම ඉවසීමෙන් කටයුතු කරන්නේ. හෙට දවසේ ‍රජයට එකඟතාවන් පලකරන්න බැරි නම් අපගේ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. මේ සාකච්ජාව මත තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ අනාගතය රැදී තියෙන්නේ. අපි පසුගිය විධායක සභාවේදී තීරණය කළා එකඟවුණ කාරණා ඉටු කරන්නේ නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරන්න.”
යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...