ලබන වසර මැතිවරණ වසරක්.මැතිවරණ කිහිපයක්ම එනවා – රවීගෙන් සහතිකයක්!

Date:

කොළඹ LNW:රටේ ආර්ථිකය කඩා වැටී තිබුණු අවස්ථාවේ එයට යම් පුනර්ජීවයක් ලැබී තිබෙන මොහොතක් පසුකරමින් සිටින බවත් ඒ අනුව ලබන වර්ෂය මැතිවරණ වර්ෂයක් බවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති විශේෂ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා,

මේ මොහොතේ සාමූහික හැඟීමෙන් ජනාධිපතිවරයා වෙත සහය දැක්විය යුතු බවයි කරුණානායක මහතා සඳහන් කළේ.

”වැටිලා තිබෙන ආර්ථිකය ගොඩනැගීමට එතුමා කටයුතු කරනවා. මේ රට බංකොලොත්භාවයට පත් කළේ එතුමා නෙමෙයිනේ. ඒ නිසා මේ ආර්ථික අවපාතයෙන් එළියට එන එක ලේසි කටයුත්තක් නෙමෙයි. මේ අවස්ථාවේ හොඳම දේ තමයි වියදම අඩු කරල ආදායම උපයන්න පුළුවන් නිර්මාණශීලීභාවයක් ඇති කළ යුතු වීම. විශේෂයෙන්ම කළ යුත්තේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි.”

ජාත්‍යන්තර අරමුදල කියන සියලුම දේට එකඟ නොවී රටට අනන්‍ය ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක විය යුතු බවත් රටක් ලෙස ස්වාධීනව මහන්සි වී වැඩ කළ යුතු බවත් හිටපු මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.

”ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් 10%ක අපරාධ නිසා තමයි සියයට අනුවක් බැටකන්නේ, දැන් අද කම්පැනි ලක්ෂ එකහමාරක් පමණ තියෙනවා රටේ, නමුත් බදු ගෙවන ෆයිල් තියෙන්නේ විසිදාහයි. ඉතින් මේක පුදුම රටක්. මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. අනිත් එක තමයි මම හැමතිස්සෙම ආදරෙන් කියනවා රජයේ නිලධාරීන්ට වැඩ කරන දක්ෂයින් ඉන්නවා. නමුත් 15%, 20% කට්ටිය මේ රට නොමඟ යවලා තියෙනවා. හැමෝම දේශපාලනඥයන්ට ඇඟිල්ල දික් කරනවා. අද ලංකාවේ ඉන්නේ ඔක්කොම ගත්තොත් දේශපාලකයෝ නවදාහක් විතර. අපි කියමුකෝ මේ දේශපාලඥයෝ ඔක්කොම එපයි කියලා. එතකොට ලක්ෂ දාහතක රාජ්‍ය නිලධාරීන් මොකද කරන්නේ, මේ හැමදේම කරන්න තියෙන්නෙ ඔවුන් තුළින්. මේ රට අවුරුදු 74ක් තිස්සෙම එක් එක් කෙනාට ඇඟිල්ල දික් කරලා ප්‍රශ්න මග ඇරලා තියෙන්නෙ. දැන්වත් ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...