*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ඉන්දියාව සහ චීනය සඳහා මෙරට තානාපතිවරුන් පත් කිරීම කඩිනම් කරන්න – නාමල්



සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීනය සහ ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස්වරයෙකු / තානාපතිවරයෙකු සදහා පුරප්පාඩු පවතින බැවින් එම තනතුරු සඳහා සුදුසු සහ ස්ථිර අයවළුන් පත් කිරීම සදහා අවශ්‍ය මැදිහත්වීම කඩිනමින් සිදු කරන ලෙස ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා  විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා (07) උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකාව සමග සමීප සබදතා පවත්වන බලවත් රාජ්‍යයන් ද්විත්වයක් වන ඉන්දියාව සහ චීනය සදහා මෙරට තානාපතිවරුන් පත් කිරීම කඩිනමින් සිදුවිය යුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදු කරන ලෙස ද කමිටු සභාපතිවරයා දැනුම් දුන්  බව සඳහන්.

විදෙස් තානාපති කාර්යාලවල සේවය කිරීම සදහා අවශ්‍ය ‍සේවකයන් සංඛ්‍යාව නොසිටීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය. සීමාවාසික පුහුණු ව ලබන්නන් 25 දෙනෙකු බදවා ගෙන ඇති බවත් ඔවුන් අමාත්‍යාංශයේ සේවය සදහා යොදවා ඇති බවත් මෙහිදී අනාවරණය වූ අතර, එම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් ආසියානු රටවල් අතර පවතින වෙළද සබඳතා පිළිබදව ද ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් මෙහිදී අදහස් දැක්වූ අතර ඉදිරිපත් කිරීමක්ද (Presentation) සිදු කරන ලදී. ආසියානු රටවල් සමග ශ්‍රී ලංකාව පවතින වෙළද ගිවිසුම් සහ ඒවායේ සාධනීය වර්ධනයන් සදහා අවශ්‍ය මැදිහත්වීම් පිළිබදව ද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්  වේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සහ ඊජිප්තුවේ ද්වීපාර්ශ්වික සබදතා සහ විදේශ ප්‍රතිපත්ති පිළිබදව සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මජීඩ් මොස්ලේ මහතා මෙම අවස්ථාවට ස්වේච්ඡා පදනමින් සහභාගී වී ඇත.

ගෝලීය අභියෝගවලට මුහුණදීමේ දී ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව වසර ගණනාවක් මුළුල්ලේ ඉතා හොද මිත්‍රත්වයකින් කටයුතු කළ බවත් ඉදිරියේදී  වෙළඳ, අයෝජන, තාක්ෂණය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් තානාපති මජීඩ් මොස්ලේ මහතා පවසා ඇත.

ඊජිප්තුවේ සාර්ථකව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පිළිබදවද හදුන්වා දුන් තානාපතිවරයා දෙරටේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමෙන් ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ  අවශ්‍යතාව අවධාරණය කළේය.

ජාත්‍යන්තර ප්‍රදර්ශන, පරිසරය සම්බන්ධ කමිටු, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය, පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය යනාදි ක්‍රමවේදයන් ඔස්සේ දෙරට අතර සබදතා තර කර ගැනීමේ අවශ්‍යතාව තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත .

කාරක සභා සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය ජී.එල් පීරිස්, ගරු නිරෝෂන් පෙරේරා, ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ්, ගරු ශානක්කියන් රාසමානික්කම්, ගරු ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක් ද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය.

එසේම මෙම රැස්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්  සහභාගී වූ බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan