නීතිපති උපදෙස් මත දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට සූදානම් – ජනපති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමන් සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ රට හැම අතින්ම බෙදිලා තියෙන රටක්. හැබැයි අපේ රටට ඉස්සරහට යන්න බැහැ මෙහෙම බෙදිලා. අපේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම් අවසන් කරන්න ඕන. එකතු කරන්න නම් මොකක්ද වෙන්න ඕනේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහ නායකයින් ඉන්න එක ව්‍යාපාරයක් හදන්න ඕනේ. අන්න ඒ ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. සියලුදෙනා සමගි කරන දේශපාලන ව්‍යාපාරය දිනවන්න ඕනේ. ඒ තමයි මාලිමාවේ ජයග්‍රහණය. අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා විවිධ ආරක්ෂක හේතු මත පවරාගෙන තියෙන උතුරේ ඉඩම් යළි එම ජනතාවට ලබාදෙන්න. යුද්ධයක් තිබුණා ඒකෙන් විශාල විනාශයක් වුණා. හැබැයි දේශපාලන සිරකරුවන් ඉන්නවා. අපි නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කරන්න ලෑස්තියි.”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 10) වව්නියාවේදී පැවති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...