පුරන් කුඹුරු අක්කර 1000ක් අස්වැද්දිම සදහා සැලසුම්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW :

මෙවර මහ කන්නයේ දි ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 1000ක් අස්වැද්දිම සදහා සැලසුම්කොට ඇති අතර මේ වනවිට ඉන් අක්කර 703ක් වගා කිරිම සදහා ගොවින් විසින් මුලික බිම් සකස් කිරිම සිදුකොට වගා කිරිමේ කටයුතු ආරම්භකොට ඇති බවද ඩි.ඩි.කේ සේනාධිරත්න මහතා පවසයි.

දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2025/2026 මහ කන්නය තුල මේ වනවිට පුරන් කුඹුරු අක්කර 703ක් ඇස්වැද්දිම සදහා අවශ්‍ය මුලික කටයුතු සිදුකර ඇති බවද ඒ මහතා කියා සිටී.

ඩි.ඩි.කේ සේනාධිරත්න මහතා තවදුරටත් පවසන්නේ, පුරන් කුඹුරු අස්වැද්දිමේ ව්‍යාපෘතිය යටතේ අක්කරයක් සදහා ගොවි මහතෙකුට නොමිලේ බිත්තර වි බුසල් 02ක් සහ රුපියල් දසදහසක මුදලක් ලබාදෙන බවයි.

තවද කන්න පහක් වගාකොට නොමැති පුරන් කුඹුරු සදහා ගොවි ජනතාවට මෙම ප්‍රතිලාභය හිමිවන බව සදහන් කළ වී වගාව පිළිබද විෂයානුබද්ධ නිලධාරිවරයා ප්‍රතිලාභින් තෝරාගැනිම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජනසේවා මධ්‍යස්ථාන මගින් සිදුකරණු ලබන බවද වැඩි දුරටත් පවසා ඇත.

මෙම වර්ෂයේ යල කන්නය තුල පුරන් කුඹුරු අක්කර 559.5ක් වගාකොට ඇති බව සදහන් කළ සේනාධිරත්න මහතා එම ගොවින්ට නොමිලේ බිත්තර වි ලබාදිම සදහා රුපියල් රුපියල් ලක්ෂ 60ක මුදලක් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැයකොට ඇති බව ද පෙන්වා දෙයි.

වැඩිදුරටත් ඒ මහතා පවසා ඇත්තේ, දකුණු පළාත් සභාවේ පළාත් නිශ්චිත ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු වගා කිරිම සදහා මෙම වර්ෂය තුල (2025) රුපියල් මිලියන 20.6ක මුදල් ප්‍රතිපාදන වෙන්වි ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා බැංකුව සඳහා තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : ලංකා බැංකුව සඳහා...

කොළඹ ගලදාරී නව ගමනක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : කොළඹ 01 හි...

රමිත් රඹුක්වැල්ලට එරෙහිව අධිචෝදනා භාර දෙයි!

කොළඹ LNW:අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින...

මෙවර අයවැය ඉදිකිරීම් කර්මාන්තයට බලපාන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : රජයේ අයවැය ඉදිකිරීම්...