*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මම නම් වතුර එකක්වත් බොන්නේ නැහැ.වස දායිද දන්නේ නැහැ – ක්‍රීඩා ඇමති

කොළඹ LNW:ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන් ඇල්වතුර එකක් හෝ බොන්නේ නැති තරමට තමන්ගේ ජීවිතය ගැන අවදානමක් ඇති බවට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී බරපතල චෝදනාවක් එල්ල කළේය.

වතුර වීදුරුවට හෝ වස දැමිය හැකි තරමට ක්‍රිකට් ප්‍රශ්නය බලවත් වී තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් තමන්ගේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලිමක් කර ඇති බවද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ICC ය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කියාසිටියේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ICC ය මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද ඉල්ලීමකට අනුව බවයි.

මේ අතර පිරිසක් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් කිරීම පිළිබදව හෝටල් කාමරයක සිට ජයපැන් පානය කළ බවත් ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලීමට තරම් සාහසික වුණේ කෙසේද යන්න හිත ගත නොහැකි බවයි රණසිංහ මහතා පැවසුවේ.

”මම පුද්ගල චරිත විවේචනය කරල නැහැ. උගත් මහතෙක් වන සාගල රත්නායක මේ වාර්තාව දැක්කේ නැද්ද? මෙච්චර දූෂිත කණ්ඩායමක් ගැන සාගලට ඇයි අනුකම්පාවක් ඇති වුණේ? සදාචාරයක් තියෙනවා නං මගේ ගැනනේ කියන්න ඕනේ. මම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඇල්වතුර එකක්වත් බොන්නේ නෑ. ඒකටත් වහ දායිද දන්නේ නෑ. මට විශ්වාස නැහැ. මරන්න පුළුවන් නම් මරයි. වහ දෙන්න පුළුවන් නම් ඔවුන් වහ දෙයි. ඒ තරමට ඔවුන් බලන්න කොහොමද මේක තවමත් ඉන්නේ කියලා. දූෂිත ක්‍රිකට් පාලනය වෙනුවෙන් සමහරු කඩේ යනවා.කවුද මේ හොරු සමග හෙළුවෙන් ඉන්නේ. දූෂිත අය රට පාවා දීලා තියෙනවා. මම රොෂාන්ගේ, චමින්ද වාස්ගේ කකුල් දෙක ළඟට ගියා. මම ගොඩක් අය ළඟට ගිහින් කතා කළා. මේ කවුරුහරි පත්කරගන්න. ඔවුන් මේක භාරගන්නේ නැත්නම් මම අර්ජුන නැතුව කාවද ගේන්නේ.” යනුවෙන් එහිදී අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ විගණන වාර්තාවේ කරුණු අනාවරණය වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුවිය.

කෙසේ වෙතත් පසුගියදා ආරම්භ වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි ලෙස පසුබෑමට ලක්වීම හේතුවෙන් එම විරෝධය තව තවත් තීව්‍ර වූ අතර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ දෙකක් ඉතිරිව තිබියදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය ඉවත් කොට අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලදී.

කෙසේවෙතත් එහි කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් දින 14කට නියෝගයක් ලබා දී ඇත.

ඒ අතර වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය වහා ඉල්ලා අස්විය යුතු වන බවට වන යෝජනාව පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒකමතිකව සම්මත වී තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan