තලෙයිමන්නාරම දුම්රිය ධාවනයත් අද සිට යළි ඇරඹේ!

Date:

කොළඹ LNW:ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තාවකාලිකව දුම්රිය ධාවනය අත්හිටුවා තිබුණු තලෙයිමන්නාරම මාර්ගය අද (12) සිට යළි ධාවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය දෙපොර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවාහන) එන්.ජේ. ඉන්දිපොලගේ මහතා පවසයි.

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා වූ කොටසේ ධාවන කටයුතුද මේ වන විට ආරම්භ කර තිබෙන හෙයින් තලෙයිමන්නාරම මාර්ගයද ධාවනයට එක්කරන බවයි ඉන්දිපොලගේ මහතා පැවසුවේ.

ඒ අනුව අද පස්වරු 04.15ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් තලෙයිමන්නාරම බලා දුම්රියක් ධාවනය කරන අතර එය පසුදින පෙරවරු 04.15ට තලෙයිමන්නාරමේ සිට කොළඹ බලා පැමිණීමට නියමිතයි.

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය දියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් වෙනුවෙන් ඉල්ලීම් කර තිබෙන තර එම ඉල්ලීමට නිසි ප්‍රතිචාර ඉදිරියේදී ලැබෙනු ඇති බවද ඉදිපොලගේ මහතා කියාසිටියි.

කෙසේවෙතත් ප්‍රමාදයකින් තොරව එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සිදුවන බවද ඉදිපොලගේ මහතා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...

වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...