තලෙයිමන්නාරම දුම්රිය ධාවනයත් අද සිට යළි ඇරඹේ!

Date:

කොළඹ LNW:ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තාවකාලිකව දුම්රිය ධාවනය අත්හිටුවා තිබුණු තලෙයිමන්නාරම මාර්ගය අද (12) සිට යළි ධාවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය දෙපොර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවාහන) එන්.ජේ. ඉන්දිපොලගේ මහතා පවසයි.

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා වූ කොටසේ ධාවන කටයුතුද මේ වන විට ආරම්භ කර තිබෙන හෙයින් තලෙයිමන්නාරම මාර්ගයද ධාවනයට එක්කරන බවයි ඉන්දිපොලගේ මහතා පැවසුවේ.

ඒ අනුව අද පස්වරු 04.15ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් තලෙයිමන්නාරම බලා දුම්රියක් ධාවනය කරන අතර එය පසුදින පෙරවරු 04.15ට තලෙයිමන්නාරමේ සිට කොළඹ බලා පැමිණීමට නියමිතයි.

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය දියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් වෙනුවෙන් ඉල්ලීම් කර තිබෙන තර එම ඉල්ලීමට නිසි ප්‍රතිචාර ඉදිරියේදී ලැබෙනු ඇති බවද ඉදිපොලගේ මහතා කියාසිටියි.

කෙසේවෙතත් ප්‍රමාදයකින් තොරව එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සිදුවන බවද ඉදිපොලගේ මහතා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...