මැ.කොමිසමේ සභාපතිගෙන් ප්‍රකාශයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ (LNW):

අද (12) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

අදහස් දැක්වූ සභාපතිවරයා,

“තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 4.15ට ආරම්භ කිරීමට විධි විධාන යොදා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට කටයුතු යොදල තියෙනවා. ගණන් කිරීමේ කටයුතු අවසන් වූ පසුව එම ප්‍රතිඵල මාධ්‍යට ලබා දීමට අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. එතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

“ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවෙන්නේ. පළමුව එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම සිදුකරනවා. දෙවනුව ගණන් කරන්නේ එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව. ඒක අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරනවා. එයින් අනතුරුවයි පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයින් ලබාගත් මනාප සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ. එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රීධුරය සඳහා තෝරා පත්කර ගැනීම සිදුකරනවා.” ලෙස ඒ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...