NTC වෙතින් මැතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්!

කොළඹ LNW: මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවට අවහිරයකින් තොරව සිය ගමනාන්ත දක්වා යාමට අවශ්‍ය පෞද්ගලික බස් රථ සේවාවක් ලබා දීමට සැලසුම් සකස් කර තිබෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවාය.

අද (12) සහ හෙට (13) යන දින දෙක තුළත් නැවත 16,17 සහ 18 යන දිනවලදීත් අධික මගී ඉල්ලුමක් බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය බස් රථ සංචිත පවත්වා ගැනීම සඳහා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් වෙත අවශ්‍ය උපදෙස් දී ඇති බවත් ජයවර්ධන මහත්මිය කියාසිටියාය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ වැඩි ප්‍රමාණයක් මැතිවරණ රාජකාරී සඳහා යොදවා තිබෙන හෙයින් මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට පෞද්ගලික අංශයේ බස් රථ සූදානමින් තිබෙන බවයි ඇය සඳහන් කරන්නේ.

කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම, කඩුවෙල,මාකුඹුර සහ කඩවත යන ස්ථානවලින් බස් රථ සඳහා අධික මඟී ඉල්ලුමක් බලපොරොත්තු වන අතර වැඩිම මගී ඉල්ලුමක් පවතින නුවර,හැටන්, මාතර සහ බදුල්ල වෙත ධාවනය වන බස් රථ ප්‍රමාණය වැඩි කිරීමටද කටයුතු යොදා ඇති බවයි ඇය පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...