රිය අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ (LNW):

අද (12) දින පස්වරු 2 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්තැඩන් වත්ත ප්‍රදේශයේදී , ලංගම බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙන බව හැටන් පොලිසිය පවසයි.

වෑන් රථයේ රියදුරා බරපතළ ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.

පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ , හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගිනිගත්හේන සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයට ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරීමට උත්සහ කිරිමේදී වෑන් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනයවූ ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි .

මෙම අනතුරෙන් ලංගම බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබන බව වැඩිදුරටත් පොලිසිය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...