නිහඬ කාලය සහ සමාජ මාධ්‍ය පිළිබඳ නීතිය

Date:

මහා මැතිවරණ පනත සම්මත වන අවදියේ සමාජ මාධ්‍ය තිබුණේ නැත. මෙරට ක්‍රියාත්මක මැතිවරණ නීති එනම් ඡන්ද වැරදි (පනතේ 66 සිට 76දක්වා), දුෂණ ක්‍රියා (පනතේ 77 සිට 82 දක්වා) සහ නීති විරෝධී ක්‍රියා (පනතේ 83 සිට 90දක්වා) යටතට ද සමාජ මාධ්‍ය ගැනෙන්නේ නැත. සමාජ මාධ්‍ය නිදහස් ය.

මෙටා අද දින දැන්වීම් සඳහා මුදල් බාර ගන්නේ නැත. නමුත්, කලින් මුදල් ගෙවා ගිවිසුම් ගත කිසිදු දැන්වීමක් ඉවත් කිරීමේ බලයක් ද මෙටා – පාරිභෝගික ගිවිසුම නිසා නැත. කලින් මුදල් ගෙවූ දැන්වීම් මේ වන විට ක්‍රියාත්මක ය.

2019 මැතිවරණ කොමිසම ‘ඒ්ෂියන් ඉන්ටටෙන් කෝලිෂන්’ සමඟ මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයේ අවබෝධතා ගිවිසුමකට පැමිණියේය. 2019 දී නම්, නිහඩ කාල සීමාවේ දී සමාජ මාධ්‍ය දැන්වීම් ඉවත් කිරීමේ වගන්තියක් මැතිවරණ කොමිසම හා ඉහත ආයතනය සමඟ පැවතුණි. එය සිදු කරනු ලැබූවේ මහින්ද දේශප්‍රිය, සුරංග රණසිංහ විසිනි. ඔවුන් දැන්වීම් ඉවත් කළේය. (කොමිසමට වඩා වේගයෙන් ඡන්ද ප්‍රතිඑල සන්නිවේදනය කළ නිසා පැය කිහිපයකට මාගේ පොෆයිල් ඒක බ්ලෝක් කළේය) මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය පිළිබඳ නීති සකස් කිරීමට, නියෝග නිකුත් කිරීම සංවාදයකින් පසු සිදු කළ යුතු කටයුත්තකි.

සංකල්පීයව, ලංකාවේ ක්‍රියාත්මක නීතිය/රෙගුලාසි බලපැවැත්වීමට ‘ඒෂියන් ඉන්ටර්නෙට් කෝලිෂන්’ ආයතන බැදී ඇත. පාලනයට අවශ්‍ය නම්, උපකරණ නැතුවා නොවේ.

මැතිවරණ කොමිසමට මාධ්‍ය උපමාන පැනවිය හැක්කේ ගුවන් විදුලි නාලිකා, රූපවාහිනි නාලිකා, පුවත්පත් කතුවරන්ට පමනී. සමාජ මාධ්‍ය ඒ අතරට ගැනෙන්නේ නැත. එබැවින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන මගින් ද, සමාජ මාධ්‍ය ප්‍රචාරය තහනම් නැත.

නමුත්, ප්‍රචාරක සීමා පැනවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයේ සමාජ මාධ්‍ය ප්‍රචාරය ගැන සඳහන් ය. එවිට මැතිවරණ කොමිසමට, ඒෂියන් ඉන්ටර්නෙට් කෝලිෂන් වෙත කරුණු වාර්තා කළ හැකිය. මේ වන විට මුදල් ගෙවූ දැන්වීම් 110 ක් පමණ සමාජ මාධ්‍යයේ පවතී. එක්කෝ මේ සියල්ල එක විට ඉවත් විය යුතුය. නැතිනම්, බදුල්ලේ මෙසී ගේ අංක 10 ටී ෂර්ට් ගැලවීම වැනි තත්වයක් සමාජ මාධ්‍ය තුල ඇතිවන්නේය.

නිහඬ සමයේ සමාජ මාධ්‍ය භාවිතය හරියටම පුද්ගලයෙකු පන්සිල් ගැනීම හා සමානය. පන්සිල් රකිනවා නම් හොඳය. රැක්කේ නැතැයි කියා නඩු දැමිය නොහැකිය. (උපමා උපමේය – නීතිඥ ජගත් ලියනාරච්චිගේ ය)

ඒ අනුව, නිහඬ කාල සීමාව තුල සමාජ මාධ්‍ය ප්‍රචාරණය නීතියෙන් තහනම් නැත. කැමති අපේක්ෂකයින්ට, ආධාරකරුවන්ට, දැන් සමාජ මාධ්‍ය ප්‍රචාරය නවතා දමා නිහඬවිය හැකිය.

මගේ පුද්ගලික මතය ඡන්දය අවසානයේ ලියමි.

~ රජිත් කීර්ති තෙන්නකෝන්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...