ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු රෝහල්ගත කිරීමට හේතු වූ ඉස්ලාමාබාද්හි ශ්‍රීනගර් අධිවේගී මාර්ගයේ දිස්ත්‍රික් හා සැසිවාර අධිකරණ ගොඩනැගිල්ලෙන් පිටත සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරය ඉන්දියාව විසින් මෙහෙයවන ලද්දක් බව අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබේ.

ඊයේ(11)දිනයේදී මාධ්‍ය අමතමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ, ඉන්දියානු රාජ්‍ය ත්‍රස්තවාදයේ නරකම උදාහරණ වේ. ඉන්දියාවේ එවැනි දුෂ්ට කුමන්ත්‍රණ ලෝකය හෙළා දැකීමට කාලය බවයි.

කෙසේ නමුත්, ප්‍රහාරයේ වගකීම ටෙහ්රීක්-ඊ-තලේබාන් පකිස්ථාන (TTP) සන්නද්ධ කණ්ඩායමෙන් වෙන් වූ කණ්ඩායමක් වන ජමා-උල්-අහ්රාර් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

බලුකිස්තානයේ නොසන්සුන්තාව ඇති කරන බවට පකිස්ථානය අවස්ථා ගණනාවකදී නවදිල්ලියට චෝදනා කර ඇති අතර ඉන්දියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...