එක බඩුවකට එක කඩයක් : ඉතිහාසයේ පළමු වරට ඇමති හඳුන් දුඹුරු සීනි විකිණීමට වෙනම කඩ දායි

Date:

ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි සැල් ජාලය ඊයේ (11) නුගේගොඩදී ආරම්භ කෙරිණි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සංකල්පයක් අනුව මෙම අලෙවි සැල් ජාලය පිහිටුවා ඇත්තේ රජයට අයත් පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තත්වයෙන් ඉහල දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අරමුණෙනි.

මෙම අළෙවි ජාලය ආරම්භකිරීමේ අවස්ථාවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය R.M. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරීයේ නියෝජිතයින්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, ලංකා සීනි සමාගමේ සභාපතිනි සඳමාලි චන්ද්‍රෙස්කර අතුළු ලංකා සීනි සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...