නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW:
ලකුණු 300 ක් ලබා ගැනීම යනු සීමිත පන්දු වාර තරගයක පහසු කටයුත්තක් නොවේය.එය දෙවන වර හඹා ගොස් ලබා ගැනීම වඩාත් අභියෝගාත්මකය.පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට සිඳු වූයේ ඒ ආකාරයේ හඹායාමක් කිරීමටය.එයට තරගය ආරම්භයේදී අනපේක්ෂිත සහයක් ලැබුණේ පකිස්තාන පන්දු යවන්නන්ගේ වයිඩ් පන්දුවලින්ය.තරගය නිමා වන විට මේ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 31 ක් අතිරේක ලකුණුවලින් ලැබී තිබිණ.ඒ සමඟ වයිඩ් පන්දු 26 ක් සහ එක නිපන්දුවක් නිසා අතිරේක පන්දු 27 ක් ද ශ්‍රී ලංකාවට ලැබී තිබිණ.එහෙත් අවසාන ප්‍රතිපලය වූයේ පකිස්තාන පන්දු ඕවර් 50 නිමාවේ කඩුලු 5 ට ලබා ගත් ලකුණු 299 වෙනුවට ශ්‍රී ලංකාවට පන්දු ඕවර් 50 නිමාවේ කඩුලු 9 ට ලකුණු 293 ක් ලබා නැවතීමය.

මේ අතිරේක ලකුණු එකතුවීමේ වාසිය සමඟ පළමු කඩුල්ලට පැතුම් නිශ්ශංක (29) සහ කමිල් මිෂාර (38) එක්ව ලකුණු 85 ක් රැස් කර දුන්නේ පන්දු ඕවර් 11.4 ක් තුළය.එහෙත් ඕවර් 11.5 වෙද්දී එම ලකුණු ගණනටම ශ්‍රී ලංකාවේ කඩුලු ප්‍රමාණය 2 ක් කරමින් කුසල් මෙණ්ඩිස් මුහුණ දුන් දෙවන පන්දුවට දැවී යාම ශ්‍රී ලංකා ඉණිමේ ජයග්‍රාහී බලාපොරොත්තු කණ්ඩණය කිරීමක් විය.
සෙසු පිළිගත් පිතිකරුවන් අතරින් කමිඳු මෙණ්ඩිස් (9) හැරෙන්නට අන් සියල්ලන් ඉලක්කම් දෙකේ අගයක් තම නම ඉදිරියේ සටහන් කර ගත්තද,ජයග්‍රහණයට අවශ්‍යය කරන දිගු ඉණිමක් ක්‍රියාත්මක කරන්නට සමත් වූයේ නැත.වනිඳු හසරංග පන්දු 52 දී අගනා ලකුණු 59 ක් රැස් කරමින් ලකුණු 279 වන තෙක් ශ්‍රී ලංකාව රැඟෙන විත් 9 වන තඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.එතැන් සිට අසිත ප්‍රනාන්දුව ද ආවරණය කරමින් පන්දු 18 දී මහේෂ් තීක්ෂණ ලකුණු 21 ක් නොදැවී ලැබුව ද පන්දු ඕවර 50 නිමා වන විට යා හැකි දුර වී තිබුණේ ලකුණු 293 පමණි.වනිඳු සහ දුෂ්මන්ත චමීර අතර 8 වන කඩුල්ලට ඇති වූ සබඳතාවයේදී චමීර පන්දු 19 දී ලැබූ ලකුණු 7 වෙනුවට නිලකුණු පන්දු වෙනුවට එක ලකුණ එකත් කර ගන්නට හෝ අවස්ථාව තිබුණේ නම් සමහර විට මේ ප්‍රතිපලය වෙනස් කරන්නට තිබුණත්,චමීර වෙනුවට ඉහළින් දිගු ඉණිමක් ක්‍රියාත්මක නොවීම වරදට හේතුව විය.

ලකුණු ලබා ගැනීම වේගවත් කිරීමේ ශ්‍රී ලංකාවේ උවමනාව තේරුම් ගනිමින් කඩුලු දඩයමේ යෙදුණ හරිස් රාවුෆ් ලකුණු 61 ට කඩුලු 4 දවා ගැනීමට සමත්වීමත් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට හරස් වූ සාධකයක් විය.
පකිස්තාන ඉණිම පාඩමක් බඳු විය.24 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදී කඩුලු 4 ක් දැවී ලකුණු 95 ක් ව තිබුණ පකිස්තාන ඉණිම පීඩනයෙන් ගලවා ගෙන නිලකුණු පන්දු අඩු සබඳතාවයක් ඇති කළ සල්මන් අගා (නොදැවී 105) සහ හුසේක් තලාත් (62) පස්වන කඩුල්ලට ඇති කළ ලකුණු 138 සබඳතාවය කැපී පෙණින.හයේ හතරේ පහරවල්වලට වඩා මොවුන් දෙදෙනා අතර කැපී පෙණුනේ වේගවත් කඩුලු 2තර දිවීමේ හැකියාවය.ලකුණු දෙක තුන වුණ අවස්ථා ද,එක ලකුණු දෙක වුණ අවස්ථාද ඒ දිවීමේ වේගය නිසා පකිස්තානයට එකතු විය.

අගා පන්දු 87 ට පමණක් මුහුණ දෙමින් ද,තලාත් පන්දු 63 ට මුහුණ දෙමින් ද එම ලකුණු ප්‍රමාණය ලබා ගත් අතර අගා හයවන කඩුල්ලට නොබිඳි සබඳතාවයක් ඇති කර ගත් මොහොමඩ් නවාස් පන්දු 23 දී ලකුණු 36 ක් ලැබීය.අවසාන පන්දු ඕවර් 10 තුළ ශ්‍රී ලංකාවේ කිසිඳු පන්දු යවන්නෙකුට සමාවක් නොඳුන් අගා,තලාට් සහ නවාස් ලකුණු 104 ක් ලබා ගැනීමට සමත් විය.පන්දු ඕවර් 23.2 දී ලකුණු 95 ක් වූ ඉණිම තවත් පන්දු වාර 26.4 දී එක් කඩුල්ලක් දැවී ලකුණු 204 ක් ලබා ගැනීම දක්වා ගෙන ඒමට මේ පිිතිකරුවන් තිදෙනාට හැකිවීම විශිෂ්ඨය.ශ්‍රී ලංකාවට එම ඉණිම් පාඩමක් වන්නේ එබැවින්ය.
වනිඳු හසරංග ලකුණු 54 ට කඩුලු 3 ක් ලබා ගැනීමට සමත් විය.තරගයේ සමස්ත ලකුණු පූවරුව පහතින් දැක් වේ.
https://bit.ly/4p6RwpP



