ලෝක මලල ක්‍රීඩාවේ නැඟී එන තරුවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටවල් තුනකින් පමණයි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW:

ලෝක මලල ක්‍රීඩාවේ මේ වසරේ නැගී එන තරු නම් කිරීම සඳහා ක්‍රීඩකයින් තිදෙනෙකු සහ ක්‍රීඩිකාවන් තිදෙනෙකු මේ වන විට තොර් ගෙන තිබෙනවා.එම තේාරා ගැනීම්වලින් දෙදෙනෙකු නොවැම්බර් 30 වන දා නැගී එන ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස ප්‍රකාශයට පත්වීමට නියමිතයි.මෙවර ඒ සඳහා තොරා ගෙන ඇති හය දෙනා රටවල් තුනකට එක රටකට දෙක බැඟින් තේරි තිබිම විශේෂයි.
පහත දැක්වෙන්නේ නැගි එන ක්‍රීඩිකාව විම සඳහා යොජනා වී තිබෙන චීන ක්‍රීඩිකාවන් දෙදෙනා ගැන දත්තයි.
යාන් සියී, චීනය

  • ලෝක U20 හෙල්ල විසි කිරීමේ වාර්තාව
  • ජාතික ශූරිය

චීනයේ ෂැං ජියාලේ

  • ලෝක U20 මිටිය වාර්තාව
  • ලෝක මිටිය ලෝකඩ

එසේම කෙන්යානු ක්‍රීඩකයින් දෙදෙනෙකුම ලෝක නැඟි එන මලල ක්‍රීඩකයා සඳහා යොජනා වී තිබෙනවා.
කෙන්යාවේ ෆැනුවෙල් කෝච්

  • ලෝක U20 මීටර් 1500 වාර්තාව
  • ලන්ඩන් දියමන්ති ලීග් ජයග්‍රාහකයා

එඩ්මන්ඩ් සෙරම්, කෙන්යාව

  • ලෝක 3000 මීටර් බාධක දිවීමේ ලෝකඩ
  • දියමන්ති ලීග් අවසන් අනුශූරතාව

ඉතියෝපියාවේ නැඟී එන ක්‍රීඩකයා වීමට යෝජනා වී තිබෙන්නේ බිනියම් මෙහාරියි.ඔහු අවුරුදු 20 න් පහළ මීටර් 3000 වාර්තාව උසුලන ක්‍රීඩකයා වන අතර මීටර් 5000 ඉසව්ව සඳහා ලෝක සූරතාවයේදී පස්වන ස්ථානය දිනා ගත් ක්‍රීඩකයාද වෙනවා. බර්ක් හේලොම්, ඉතියෝපියාව වෙනුවෙන් ලෝක U20 මීටර් 3000 වාර්තාව දරන්නිය වන අතර ඇය ලෝක ගෘහස්ථ මීටර් 3000 පස්වන ස්ථානය ද දිනා ගැනීම නිසා නැඟීඑන ක්‍රීඩිකාව වීමට නිර්දේශ වී තිබෙනවා.
නැගී එන තරු ගෞරව සම්මානවලට අමතරව, 2025 ලෝක මලල ක්‍රීඩා සම්මාන සඳහා වසරේ ලෝක ක්‍රීඩිකාව සම්මාන, පුහුණු ජයග්‍රහණ සම්මානය, වසරේ කාන්තාව, වසරේ ඡායාරූපය, සාමාජික සම්මේලන සම්මානය සහ සභාපති සම්මානය ඇතුළත් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...