බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමාගේ නායකත්වය වෙනස් විය යුතු බවට කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් නව යෝජනා පැමිණෙමින් පවතින බව වාර්තා වේ.

ස්ටාමාගේ හිතවතුන් මෙම තත්වය පැහැදිලිවම කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කර ඇති අතර ඕනෑම අභියෝගයකට අග්‍රාමාත්‍යවරය මුහුණ දීමට සුදානම් බව ප්‍රකාශ කර තිබේ.

මේ වන විට නව පක්ෂ නායකත්වය වෙනුවෙන් සාකච්ජා වන නම් කිහිපයක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර ඒ අතර වසර ගණනාවක් තිස්සේ නායකත්ව අපේක්ෂකයෙකු පෙනී සිටින සෞඛ්‍ය ලේකම් වෙස් ස්ට්‍රීටින් ප්‍රධාන වේ.

42 හැවිරිදි සෞඛ්‍ය ලේකම් වෙස් ස්ට්‍රීටින් ජනතාව අතර වඩාත් ආකර්ශනීය පුද්ගලයකු වශයෙන් සැලකේ.

එමෙන්ම, 65 හැවිරිදි ආරක්ෂක ලේකම් ජෝන් හීලි, වෘත්තියෙන් නීතිඥවරියක්වන 45 හැවිරිදි ස්වදේශ කටයුතු ලේකම්වරියවන ෂබානා මහමුද් , වාමාංශිකයින් අපේක්ෂකයෙකු වන එඩ් මිලිබෑන්ඩ් හා හිටපු ටෝරි නායක ශ්‍රීමත් අයන් ඩන්කන් ස්මිත් ඒ අතර වේ.

මෑත මාසවලදී කම්කරු පක්ෂය ඡන්දදායකයින්ගෙන් අතර කරන ලද මත විමසුමකට අනුව, ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය නොවන බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා බවට ගණනය කර ඇති අතර ලබන වසරේ මැයි මාසයේදී එංගලන්තයේ බොහෝ ප්‍රදේශවල පළාත් පාලන මැතිවරණවලින් පසු රජය අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දෙනු ඇති බව කම්කරු පක්ෂකයන් බොහෝ දෙනෙකු මේවන විට පිළිගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...