කොළඹ LNW:චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ ඇමරිකා රාජ්‍ය ලේකම් Marco Rubio අතර ඊයේ(11) දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාව ධනාත්මක සහ ඵලදායී එකක් වූ බව වාර්තා වනවා.
එහිදී චීන ඇමරිකා සබඳතා සහ දෙරට රාජ්‍ය නායකයන් අතර පැවති අන්තර් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදු කළ ඇමරිකානු සංචාරය සාර්ථකව අවසන් වූ බව Wang Yi මහතා එහිදී සඳහන් කළා. චීන-ඇමරිකා සබඳතා පිළිබඳ නව දැක්මක අන්තර්ගතය තවදුරටත් පුළුල් කිරීමට දෙරට රාජ්‍ය නායකයන් එකඟ වූ බව ද ඔහු පැවසුවා. එමගින් දෙරටට එකිනෙකා සමග නිසි අයුරින් කටයුතු කළ හැකි මාවතක් සොයා ගැනීමට වඩාත් පැහැදිලි උපායමාර්ගික මගපෙන්වීමක් ලැබී ඇතැයි ඔහු පෙන්වා දුන්නා.
චීන-ඇමරිකා සබඳතාවල පවතින ස්ථාවර ප්‍රවණතාව සාක්ෂාත් කර ගැනීම පහසු කාර්යයක් නොවන බවත්, එය දෙරටේම ජාතික සහ පොදු අවශ්‍යතා පදනම් කරගත් තාර්කික තේරීමක් බවත් Wang Yi මහතා ප්‍රකාශ කළා. . එමෙන්ම 2026 වසරේ පැවැත්වෙන APEC නායකයින්ගේ සමුළුව සහ G20 සමුළුව සාර්ථකව පැවැත්වීමට දෙරට එකිනෙකාට සහාය දැක්විය යුතු බව ද Wang Yi මහතා කියාසිටියා.
දිනූෂි ධීරසිංහ


