පැනගිය සැකකරුවකු මිය යයි!

0
181

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටි සැකකරුවෙකු මිය ගොස් ඇත.

පොලිසිය පවසන්නේ පසුගිය 10 වැනිදා වැලිකන්ද රක්ෂිතයේ අතරමං ව සිටියදී මෙම සැකකරු පොලිස් සහ හමුදා නිලධාරීන්ට හමුවී ඇති බවයි.

දින කිහිපයක් නිරාහාරව සිටි ඇති සැකකරු පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ රාත්‍රීයේ මියගොස් ඇත.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 31ක කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයෙකි.

පසුගිය 7 වෙනිදා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවුම් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් හටගත් නොසන්සුන්තාවයක් අතරතුර රැඳවූවන් පිරිසක් ඉන් පලා ගොස් තිබිණ.

මියගොස් ගොස් ඇත්තේ ඉන් එක් පුද්ගලයකු බව පැවසේ.

රෂිකා හෙන්නායක
2022.11.12