යූරියා පොහොර

Date:

තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක තොගයක් අනිද් දා (2022.11.14) මෙරටට ගෙන ඒමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ලෝක බැංකුව මගින් අනුමත ණය මුදලේ දෙවන යුරියා පොහොර මෙලෙස මෙරටට ගෙන එන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම පොහොර තොගයේ සමඟ ලෝක බැංකු ණය මුදල යටතේ මේ වන විට මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 35,000ක තොගයක් ලැබී තිබේ. පළමු යූරියා තොගය වන 13,000 ක තොගයක් චීනයෙන් මේ වනවිට ලැබී ඇති ඇතර දෙවන තොගය වන මෙට්‍රික් ටොන් 22,000 ක තොගය මලයාසියාවේ සිට මෙරටට ගෙන එන බව සඳහන් වේ.

මේ තුළින් ගොවි පොහොර ගැටලුව යම් තාක් දුරකට විසදේවි යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

රෂිකා හෙන්නායක
2022.11.12

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...