යුද්දෙට කික් එකක් දීලා සාමයට ගෝල් එකක් ගහන FIFA 2022

FIFA ලෝක කුසලාන කටාර් නියෝජිතයින් මැදිහත්ව ඊශ්‍රායලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයින් හමුවී ඊශ්‍රායල සහ පලස්තීනුවන්ට තරඟ සඳහා සහභාගී වීමට හැකි වන පරිදි සැලසුම් සකස් කර ඇත.මේ අනුව FIFA ලෝක කුසලාන කාලසීමාව සඳහා කටාර්හි පවතින ගොඩබෑමේ අයිතිය සහිත ගුවන් සමාගමක් විසින් ටෙල් අවිව්හි බෙන් ගුරියන් ගුවන් තොටුපළ සහ දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සෘජු කුලී ගුවන් ගමන් තාවකාලිකව ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර ඇත.
එසේම ඊශ්‍රායල් පුරවැසියන් සඳහා කොන්සියුලර් සේවා ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් දෝහා පදනම් කරගත් පුද්ගලිකව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංචාරක සමාගමක් හරහා සපයනු ලබන අතර. දෝහා හි පලස්තීන තානාපති කාර්යාලයේ කොන්සියුලර් සේවාවන් සඳහා පලස්තීනුවන්ට පහසුකම් සළසා ඇත.
මේ සම්බන්ධයෙන් FIFA වෙනුවෙන් මැදිහත්ව වගකීම ගෙන කටයුතු කළ කටාරයට මෙන්ම ඊශ්‍රායලයටත් පලස්තීනයටත් සිය ස්තූතිය පුද කරන FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පෙන්වා දෙන්නේ පාපන්දුවට මිනිසුන්ව එකට එකතු කිරීමේ බලය ඇති බවය. එය සියලු සීමා මායිම් ඉක්මවා, සියලු දේශසීමා තරණය කර අන් කිසිවකට කළ නොහැකි අයුරෙන් එකමුතුකම පෝෂණය කිරීමේ හැකියාවෙන් යුක්ත බව ද පෙන්වා දෙයි.
රටවල් දෙකක යුද මානසිකත්වය පසෙකට කිරීමට තරම් පාපන්දුවට ඇති හැකියාව සාමය සඳහා වන තාවකාලික හෝ යහපත් ප්‍රවේශයකි.එහෙත් කටාරය එතරම් ඉදිරි පියවරක් තැබීමට සූදානම් වුව ද,සිය ආගමික සංස්කෘතියෙන් බැහැරට සිතන මිනිසුන්ගේ විද්‍යාත්මකව විකෘතියක් නොවන බවට තහවුරු වූ බැදීම් සඳහා පනවා ඇති වාරණයන් ඉවත් කළ බවක් පෙනෙන්නට නැත.ඒ නිසාම තවමත් වෙනස් ලිංගික අනන්‍යතාවයන් සහිත පුද්ගලයන් කටාරය වැනි ගෝත්‍රික චින්තනයන් සහිත රටකට ලෝක කුසලානය ලබා දීමට එරෙහිව අදහස් ප්‍රකාශ කරමින් ඇත.එය ලෝක කුසලානයක් සම්බන්ධයෙන් සංවිධානය කිරීමේ අවස්ථාව ලද පළමු මුස්ලිම් රට හැටියට කටාරය අනෙකුත් රටවලට එය දිනා ගැනීමට ඇති මඟ වැසීමක් ද විය හැකිය.නමුත් ඔවුන් පලසතීනය සහ ඊශ්‍රායලය සමඟ පාපන්දු ලෝක කුසලානය පදනම් කරගෙන එය නැරඹීම සඳහා එම රටවල ජනතාවට හැකිවන සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට ගත් උත්සාහය ප්‍රශස්තය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...