තත්වය හොඳ නෑ : මහින්ද සමග නැගිටින රැස්වීම මාලාව නවතයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර තිබුණු “මහින්ද සමග නැගිටිමු” රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

රටේ පවතින තත්වය අනුව දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බව එම පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් විසින් අවධාරණය කිරීමෙන් අනතුරුව මෙසේ එම රැස්වීම් මාලාව තාවකාලිකව නවත්වා ඇති බව සඳහන්.

එම මැති ඇමතිවරුන් පෙන්වා දී ඇත්තේ මුලින්ම පාක්ෂිකයින් පිළිබඳ සොයාබලා, පක්ෂය ප්‍රතිසංවිධානය කර, ඉන් අනතුරුව රැස්වීම් පැවැත්වීම වඩාත් සුදුසු බවය.

“මහින්ද සමග නැගිටිමු” රැස්වීම් මාලාව කළුතරින් ආරම්භ කෙරුණු අතර නාවලපිටිය සහ පුත්තලම යන ප්‍රදේශවල ද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම් පැවැත්විණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...