පොහොට්ටු සම්මේලනය ලබන මාසයේ. සන්ධානයට නව නායකයෙක් !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය දෙසැම්බර් 15 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ය.

මේ සඳහා පක්ෂයේ මැති ඇමතිවරුන්, අනුබද්ධ සංවිධාන නායකයින්, පළාත් පාලන නියෝජිතයින් සහ සහෝදර පක්ෂ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය.

එමෙන්ම පොහොට්ටුවේ මූලිකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් බිහිකිරීමත් එම සන්ධානය සඳහා සුදුසු නායකයකු නම් කිරීමත් පිළිබඳව ද මේ වනවිට පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විශේෂයෙන්ම ලබන වසර මැතිවරණ වසරක් වන බැවින් ඊට අදාළ තීන්දු තීරණ රැසක් මෙවර ජාතික මහා සමුළුවේදී ගැනෙනු ඇති බව සඳහන්.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාදර්ශී නායකයා වශයෙන් පත්කිරීමට ද නියමිත බව ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...